0

හන්තානට පායන හද ලස්සනයිද කියන්න....


කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක හිටිය ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි.දෙන්නා අවුරුදු
ගානක ඉදන් love කරනවා.දෙන්නම කලේ කලා විශයන්.සිoහල tuition clz යන්න
ඔන නිසා දෙන්නම ගියා නුවර clz එකකට.කොල්ලා බොක්කෙම්ම love
කලෙ කෙල්ලට පනටත් වඩා ආදරේ නිස.clz ගියත් කලේ කෙල්ල දිහා බලන් ඉන්න එක.
දවසක් සිoහල සර් දෑක්කා interval එක වෙලාවෙ මේ දෙන්නා එක බත් මුල
කනවා.සර් මේක ගනන් ගත්තෙ නෑ.දවස් ගනන් ගෙවිලා ගියා.විභගෙ තියෙන දවසත් ලන්
වුනා.දෙන්නම විභාගෙ හොදට පුලුවන් උපරිමෙන්ම ලිව්වා. result එන දවසත් ලo උනා.කෙල්ලට
A3.කොල්ලගෙ result ටිකක් අවුල්.
අවුරුදු දෙකකට විතර පස්සෙ දවසක සිoහල සර් පාරේ යනකොට කොල්ලෙක් දුවගෙන ඈවිත්
සර් කියල කතා කලා.ඒ වෙලාවෙ සර්ට මතක් උනා මේ අර කෙල්ලත් එක්ක එකට බත් මුල
කාපු කොල්ල නේද කියල.සර් විහිලුවට වගේ ඈහුව කො අර තමුසෙට බත් කවපු ගෑනු
ලමය කියල.කොල්ලගෙ මුන ටිකක් වෙනස් උනා.
”සර් මo ඒ සම්බන්දෙ නතර කලා..”කියලකොල්ල කිව්ව.සර් ඈහුව ඈයි පුතේ එහෙම
උනේ කියල.කොල්ල කියනව.”එය AL හොදට පස්ස් වෙලා පේරාදෙනිය campus ගිය
සර්.මට යන්න බෑරි උනා.එයාගෙ ලොකේ ගොඩක් වෙනස්නෙ සර්.මන් ආයිත් ඔතනට කඩන්
පෑන්නොත් එයාට ගොඩක් දේවල් නෑති වෙනව සර්.එහෙ ගොඩක් ලස්සනයි සර්.මo ආයිත්
එයගෙ ජීවිතේට අවිල්ල එහේ සතුට නෑති කරන්න මට හිත දෙන්නෙ නෑ.දෑන්
එයා එහෙ හොදින් ඉන්නව ඈති සර්….”.
මේ සිද්දියෙන් පස්සෙ සර්ට මේක හිතට වෑදුන.කොලේකුයි පෑනකුයි අතට ගත්ත සර්
මේ විදියට ලියන්න පටන් ගත්තා.

හන්තානට පායන හද
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද
ඔබට හෑකිය දකින්න

ඇදුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යනකල
එපා තනිය දෑනෙන්න

ලතා මඩලු අත වනාවි
එපා අහක බලන්න
මා ගෑන මතකය ගුලි කර
මහවෑලියට දමන්න
0

හොරුන්ගෙත් හොරු.....


සොරුන් දෙදෙනෙක් බැංකුවක් මංකොල්ල කෑමට පැමිණියේය."කරුණාකර බිම දිගා වන්න.මේ මුදල් අයිති බැංකුවට,ඔබලාගේ ජීවිත පිළිබඳ වගකීම අයිති ඔබටය" සොරුන් පැවසීය.සියල්ලෝම බිම දිගා විය.
"යමක් ඒත්තු ගැන්වීමේ හැකියාව යනු මෙයයි" අදහසක් කාවැද්දීමට ඇති හැකියාව මෙයයි.
මේ අතර එක් කාන්තාවක් කෑ මොර දෙන්නට විය."නෝනා,අපි ආවේ බැංකුව මංකොල්ල කෑමට මිසක් ඔබට අතවර කිරීමට නෙමෙයි.කරුණාකර නිශ්ශබ්ධ වන්න"වැඩිමහල් සොරා පැවසීය.ඇය නිශ්ශබ්ධ විය.
"වෘත්තීය නිපුනත්වය යනු මෙයයි".ඔබ කළ යුතු දේ ගැන පමණක් අවධානය යොමු කරන්න.
සොරුන් කොල්ල කා ගෙදර ගියේය.මේ අතර උපාධිදාරී බාල සොරා මුදල් ගැනිය යුතු බව 8 වසර පමණක් සමත් වැඩිමල් සොරාට පැවසීය."ඕනෙ නෑ.අද රෑ නිවුස් වලට ගාන හරියටම කියයි".වැඩිමල් සොරා පැවසීය.
"පළපුරුද්ද යනු මෙයයි".මේ කාලේ උගත් කමට වඩා පළපුරුද්ද වටින බව මින් ගම්‍ය වෙයි.
මේ අතර බැංකු කළමණාකරු ගණකාධීවරයාට පොලීසියට පැමිණිළි කරන ලෙස පැවසීය."මොහොතක් ඉන්න.අපිත් මෙතනින් කෝටි 10ක් ගමු.කලින් වතාවල අපි යටි මඩි ගහපු කෝටි 70ත් මේකටම එකතු කරල පොලීසියට කියමු ඒවා හොරු ගත් බව" ගණකාදීවරයා පැවසීය.
"රැල්ල යන පැත්තට පීනනවා කියන්නෙ මේකටයි" අවාසිදායක අවස්ථාවක් වූවත් වාසිදායක අතට හරවා ගැනීම මේයයි.
"හොඳයි හොඳයි,හැම මාසෙම මෙහෙම කොල්ල කනවනං අපි ගොඩ" කළමණාකරු පැවසීය.
"ආත්ම තෘප්තිය රැකියාවට වඩා වටින බව මෙයින් කියවෙයි"
පසු දින ප්‍රවෘත්ති වලට බැංකුවකින් කෝටි 100 ක් කොල්ල කා ඇති බව ප්‍රකාශ කලේය.සොරුන් කෙතරම් ගණන් හැදුවත් එහි කෝටි 20 ට වඩා සතයක්වත් නොවීය.
"අපි ජීවිත පරදුවට තියල කෝටි 20ක් සොරකම් කළා.බැංකුවේ නිළධාරීන් කිසිදු අපහසුවකින් තොරව කෝටි 80 ක් හොයා ගත්තා".සොරුන් පසුතැවිලි විය.
"බුද්ධිය රන් වලට වඩා වටින බව මෙයින් තහවුරු වෙයි"
බැංකුවේ කළමණාකරු ඉතා සතුටින් සිටින අතරතුර මෙසේ සිතීය."මමයි ගණකාදීකාර වරයයි කෝටි 10 ක් හම්බ කලා.අපි නිසා බැංකුවට පාඩු වුන කෝටි 70ත් හෙවුවා"
අවස්තාවෙන් ප්‍රයෝජන ගැනීම යනු මෙයයි.
0

කොහේ හෝ නුඹ නතර වි කාට හෝ ජීවිතය දී....



කොහේ හෝ නුඹ නතර වි
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැතී නුඹ
මගේ නොවුනට කම් නැතී...

උන්න දා අපි අපේ වී නුඹ
දුන්නු සෙනෙහස අරුමැති
ලෝභ නෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැතී...

නුඹ ළඟත් මතකය ඇතී
නමුදු අපි වෙන් වී ඇතී
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇතී....
0

අනන්තය සොයා හලාවතට

හැමදාම වැඩ වැඩ වැඩ ඉවරයක් නෑ... පොඩි වෙනසකටත් එක්ක ගියා අනන්තය රිසෝට් ඇන්ඩ් ස්පා එකට. මේක තියෙන්නේ හලාවත ඉදන් 10km විතර පුත්තලම පැත්තට වෙන්නයි. හරිම ලස්සන තැනක් එක දවසක් නම් මදි දවස් දෙකකට වගේ යන්න පුලුවන්නම් ඉතින් මරු.

(GPS Coordinates 7.630863, 79.800720)




































Back to Top