එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයි ද විරහින් සිත අද්දරට
විශ්මිත ගමන අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදු බැවින
දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසින
සිටින කොදෙව්වක නුඹ සැප විදී නම්
මවෙතින් ලැබුනු ආදරයක් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්...!!
0 comments:
Post a Comment