0

What is Kafka?

Kafka’s growth is exploding. More than one-third of all Fortune 500 companies use Kafka. These companies include the top ten travel companies, seven of the top ten banks, eight of the top ten insurance companies, nine of the top ten telecom companies, and much more. LinkedIn, Microsoft, and Netflix process four-comma messages a day with Kafka (1,000,000,000,000).


Kafka is used for real-time streams of data, to collect big data, or to do real time analysis (or both). Kafka is used with in-memory microservices to provide durability and it can be used to feed events to CEP (complex event streaming systems) and IoT/IFTTT-style automation systems.

Why Kafka?

Kafka is often used in real-time streaming data architectures to provide real-time analytics. Since Kafka is a fast, scalable, durable, and fault-tolerant publish-subscribe messaging system, Kafka is used in use cases where JMS, RabbitMQ, and AMQP may not even be considered due to volume and responsiveness.

Kafka has higher throughput, reliability, and replication characteristics, which makes it applicable for things like tracking service calls (tracks every call) or tracking IoT sensor data where a traditional MOM might not be considered.

Kafka can work with Flume/Flafka, Spark Streaming, Storm, HBase, Flink, and Spark for real-time ingesting, analysis and processing of streaming data. Kafka is a data stream used to feed Hadoop BigData lakes. Kafka brokers support massive message streams for low-latency follow-up analysis in Hadoop or Spark. Also, Kafka Streams (a subproject) can be used for real-time analytics.

Kafka Use Cases

In short, Kafka is used for stream processing, website activity tracking, metrics collection and monitoring, log aggregation, real-time analytics, CEP, ingesting data into Spark, ingesting data into Hadoop, CQRS, replay messages, error recovery, and guaranteed distributed commit log for in-memory computing (microservices).


0

Nirvana - INDIA & NEPAL (Cinematic Travel Film)




Credits : Ben Mikha
0

සිරකරුවා



දින 07කින් එල්ලා මැරීමට නියම වුණු සිරකරුවෙක්ව ඔහුගේ අන්තිම දින 07 සඳහා වෙනත් හිරකූඩුවකට මාරු කරන ලදි.
වසර ගනනකින් හිරු එලියවත් නොදුටු ඔහුට ලැබුණු අලුත් කුටියත් කෑලි කැපිය හැකි කළුවර එකක් විය.
"හලෝ යාළුවා ඔයාට කොහොමද"
එහා සිර කුටියේ සිටි සිරකරු අලුතින් මාරු උනු සිරකරුගෙන් ඇසුවේය.
අලුතින් මාරු උන සිරකරුවාට පුදුම සතුටක් දැනුනේය.
ඒ තමන්ගෙ අවසාන දින කිහිපයේ හරි කතා කරන්නට කෙනෙක් හමුවීම ගැනය.
මෙලෙස මේ දෙදෙනා ඔවුන්ගේ විස්තර කතා කලහ.
කල වැරදි පාපොච්චාරණය කලහ.
" මට ඔබවත් කතා කරන්න හම්බුණ එක හොඳයි,
වසර 10කින් මං ඉර එලියක් දැකල නෑ,
හැමදාම හිටියේ අඳුරු කාමරවලමයි, වෙලාවක්වත් හරියට මං දන්නෑ"
මාරුවුණ සිරකරුවා එසේ පැවසීය.
"මගෙ සිර කුටියේ තියෙනව පොඩි සිදුරක්,
මට මේකෙන් පුලුවන් බලන්න පිටත ලෝකය.
දුක් වෙන්න එපා මිත්‍රයා මං ඔබට මේකෙන් බලල මං දකින දේ කියන්නම්"
පරණ සිරකරු අලුත් සිරකරුට පිළිතුරු දුන්නේය.
"සුභ උදෑසනක් මිත්‍රයා,
දැං උදේ 6ට විතර ඇති,
පුංචි ලමයි දෙන්නෙක් ස්කෝලෙ යනවා,
ඈතින් ඉර පායාගෙන එනවා හරිම ලස්සනයි,
ඈත තියෙන අඹ ගහක කුරුල්ලෙක් අඹ ගෙඩියක් කනවා"
මෙලෙස පරණ සිරකරු ඔහු දකින දේවල් අලුත් සිරකරුවාට පවසන්නට විය.
අලුත් සිරකරු ඒ සියල්ල නොදුටුවත් ඔහු කියන දේවල් අසා සිතින් මවාගන්නට විය.
ඔහුට පුදුම සැහැල්ලුවක් දැනිනි.
"දැං රෑ වෙලා,
අද පෝය දවසක් ඈත කන්දෙන් හඳ ලස්සනට පේනව,
සුදු ඇඳගත්තු මිනිස්සු ඈතින් පන්සල් යනව පේනව"
ඒ එදින රාත්‍රියයි.
"අද නම් වැහි දවසක්,
මුලු අහසම අඳුරු කරල,
ආ ආ ඈතින් කෙල්ලෙකුයි කොල්ලෙකුයි කුඩයක් අස්සෙන් යනව තුරුල් වෙලා,
කෙල්ල රතුයි කහයි බෝල ගවුමක් ඇඳල"
ඒ දෙවැනි දිනයයි.
"මටත් මතක් වෙනවා ඉස්සර මං මගෙ ගෑණු ලමයත් එක්ක පාරවල් වල ඇවිදපු හැටි"
අලුත් සිරකරු පිළිතුරු දුන්නේය.
"අද නම් ස්කෝලෙ පොඩි ළමයි පෙරහැරක් යනව,
චූටි චූටි ළමයි මල් අරං කොඩි අරං පෝලිමට යනව හරිම ලස්සනයි මිත්‍රයා"
ඒ තෙවැනි දිනයි.
මෙලෙස පරණ සිරකරු තමන්
දකින සෑමදෙයක්ම අලුත් සිරකරුට පැවසුවේය.
අලුත් සිරකරු සියල්ල සිතින් වින්දේ පරණ සිරකරුට ස්තුති කරමිනි.
ඒ වසර ගණනාවක් නොදුටු ලෝකය ගැන අසා හෝ සතුටුවන්නට ඔහුට අවස්තාව ලැබුනු බැවිනි.
මේ ආකාරයෙන් හයවැනි දිනය උදාවිය.
අලුත් සිරකරු සිය මිතුරා ඇමතීය.
"යාලුවා ඔබට අද මොනවද පේන්නේ"
නමුත් පැරණි සිරකරුගෙන් පිලිතුරක් ලැබුනේ නැත.
ඒ නිසා ඔහු කෑම ගෙනත් දීමට පැමිණි ජේලර්වරයාට මෙසේ කීවේය.
"අසනීපයක්වත්ද එහා පැත්තේ සිරකරුවාට ඔහු කතාවත් කරන්නෑනේ"
"එයාව අද උදේ එල්ලල
මැරුවා"
ජේලර්වරයාගේ පිළිතුරෙන් සිරකරුවා අන්දමන්ද විය.
මන්ද පරණ සිරකරු එල්ලාමැරීමට නියම වූවෙක් බව ඔහු කිසිදා නොසිතීය.
"අනේ එහෙනම් මාව ඒ කුටියට දාන්න පුලුවන්ද"
ඔහු ජේලර්වරයාගෙන් ඉල්ලා සිටියේය.
"ඒ මොකටද"
" ඒ කුටියේ පොඩි සිදුරක් තියෙනවලු මට අද දවස විතරක්වත් ඉර එලියක් දැකගන්න ආසයි"
එසේ පවසා සිරකරු විසින් පහුගිය දවස් කිහිපයේ අනිත් සිරකරු පැවසූ දෑ ජේලර්වරයාට පැවසුවේය.
මෙය අසා සිටි ජේලර්වරයාගේ ඇස් වලින් කඳුලු කඩා වැටිනි.
" ඒ කුටියේ එහෙම සිදුරක් නෑ,
මේ සිරගෙදර තියෙන අපිරිසිදුම කුටිය ඒක,
ඒ වගේම ඒ හිටපු සිරකරුවගෙ ඇස් 02ම පේන්නෑ,
ඔහු කරල තියෙන්නේ අවුරුදු ගනනකින් ඔබ වටපිටාව දැකල නෑ කීව නිසා ඔබේ හිත හදන එක,"
මොහොතක් සිතන්න.
අපිට ජීවිත කාලය තුලදී තමන්ගේම අයගේ සතුට වෙනුවෙන් යමක් කිරීමට කොපමණ අවස්තා ලැබී තිබෙනවාද?
නමුත් අපි ඒ අතරින් උත්සහ කර ඇත්තේ කීවතාවක්ද?
එසේනම් අන් අය,පිට මිනිසුන් ගැන කවර කතාද?
කෙනෙකුගේ සිතක් හැදීමට ඔහුගේ දැනහැදුනුම්කම් වලින් වැඩක් නැත.
වැදගත් වන්නේ අපිට පුලුවන්කම තිබියදීත් එය කලාද නැද්ද යන්නයි.
එය කිසිවක් බලාපොරොත්තුවෙන් නොව තම ආත්ම තෘප්තිය වෙනුවෙනි.
තවකෙකුට උදව්කිරීම යනු මුදල්ම නොවේ.
ඔබෙන් ලැබෙන එක සිනහවක්,එක වචනයක් තවකෙකුට ඒ මොහොතේ වටිනාම දෙය විය හැකිය.
-උපුටා ගැනීමකි-
0

පොඩ්ඩියේ..........



අපිට පුළුවන් කාව හරි තුවාල කරන්න පිහියකින්, පිස්තෝලයකින් එහෙමත් නැත්නම් අල්පෙනෙත්තකින්. ඒත් හදවත තුවාල කරනවානම් කරන්න පුළුවන් වචන වලින් තමයි. වචන වලින් පුළුවන් හදවත කුඩු වෙන්න වෙඩි තියන්න. වචන වලින් පුළුවන් හදවතේ ගැඹුරුම තැන හූරන්න. "පොඩ්ඩියේ" අන්න එහෙම වචන හරඹයක්, ඒ වචන වලට ජීවය දෙන කටහඬ අන්න එහෙම වෙඩි බෙහෙත් තැවරිච්ච උණ්ඩ ප්‍රවාහයක්. මේ අවුරුද්දේ මැයි මාසෙදි "පෙම්බරියගෙන් වෙන්වුණු ලූලෙක් හැරුණා ඇළකට" . අන්න ඒ turn එකේදී දිය රැළක වැදිච්ච් හැඟීම් අහුරක් තමයි "අපේ අම්මා හැර සේරම බුදු වේවා...!" . ටිමා - ටිම්රාන් කීර්ති ඔයා දන්නවද දන්නේ නෑ ඔයා වීරයෙක් කියලා. එහෙමටය කියලා කව්රුත්ම කතා නොකරන අපි මේ ජීවත් වෙන පොළොවෙම නිහඬවම විඳවන, අපහාස උපාහස ලබන කොටසකගේ වීරයා ඔයා..., සාදර බණ්ඩාර දැන් ඔයත්! ලංකාව ඇතුළේ විරෝධාකල්ප ගී කියන ඒවා හරි අඩුයි. මොකද විරෝධාකල්ප ධාරාවේ ගීත හදන්න පද පෙළකුයි, සංගීතයයි, ඉතිරි අඩුම කුඩුම ටිකයි තිබ්බට බෑ. හරිම නහරේ අල්ලලා අදින්න කොන්දක් නම් තියෙන්නම ඕනේ. මිනිස්සු ශ්‍යාමි කුමාර් ට බැන්නේ ඒ ගෑනි තමන් "ගණිකාවක් " කියලා කියපු නිසා නෙමේ, එහෙම කෙළින් කතා කරන්න ඒ ගෑනිට කොන්දක් තිබ්බ එක ගැන කුහකකමට. නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව! පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම බක් මහෙ කොවුල් බිජු පුපුරණ දාක නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම අමුවෙන්ම ගත්තොත් මේ පපුවටම ඉලක්ක කරලා වෙඩි තියන ගීතයේ නිමිත්ත වෙන්නේ ගණිකාවක් වුනු තමන්ගේ අම්මාට සිංහල අවුරුදු දවසේ වඳින්න බෑ කියන නංගිට, අයියගේ තරවටුව. "පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම". ඇඟ විකුනන්නෙත් දරුවෝ රකින්න නම් ඒ අම්මත්, අම්මෙක්ම මිස වෙන කව්රුත් නෙමෙයි. "බක් මහෙ කොවුල් බිජු පුපුරණ දාක" මේක ප්‍රබල යටිපෙලක් තියෙන යෙදුමක්. වචන අස්සේ කොච්චරක් නම් රහස් හංගන්න පුළුවන්ද? කොවුල බිත්තර දාන්නේ කපුටු කූඩු වල ... එහෙන් මෙහෙන් අහුලන් කාලා,ජරා සතා කියලා අපහාස උපහාස විඳගෙනත් අම්මෙක්ගේ උණුසුම දීල අර බිත්තර ඔක්කොම රකින්නේ ඔය සමාජයෙන් ගැරහුම් ලබන කපුටා. බිත්තර බක් මාසෙදි පුපුරල කොවුල් පැටවු එළියට ඇවිත් ටික කලක් යනකොට තමයි උන් උන්ට වෙනස දැනෙන්න ගන්නේ. එතෙක් අර කපුටු අම්මගෙන්ම යැපිලා උන්ටම අරියාදු කරන මේ නංගිත් බොහෝවිට අන්න එහෙම එකම තාත්තගේ නොවෙන අනුන්ගේ කොවුල් පැටියෙක්. ඊළඟ පදය විප්ලවයක්! "නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම" කවියකට ගැළපෙන සෞම්‍ය පද දිගට ගලන් ඇවිත් මේ හතරවෙනි පදේදී අයියගේ ආවේගේ වත්තේ භාෂාවෙන්ම දඩස් ගාල අත්හරින එකයි අන්න ඒ විප්ලවේ! ජය වේවා සම්මත කවි හෝ ගී පද රචනා භාෂාව කුඩු කරපු මේ විප්ලවේට! ---------------------------------------------- තනෙ කඩා විසිකර පත්තිනි වී නම් අනේ හාමතෙ අපි මැරිලා එහෙනම් වණේ පාරන්නෙ වන පල විස වී නම් නඟෙ දැං යමං පඬි පුර ගිනි තියපන් ඔය පත්තිනි කතාවේ, පත්තිනි එහෙමත් නැත්නම් කන්නගී තමන්ගේ ස්වාමියා කෝවලන්ව නිරපරාදේ මරා දාන මදුරාවේ රජාට සාප කරලා වම් තනේ කඩලා පොලවේ ගැහුවහම ඒ සාපයෙන් මදුරාපුරයම ගිනිගෙන අලුවෙලා යනවා. හැබැයි මිනිස්සු කොච්චර ගාණක් මැරුණත් තමන්ගේ පතිවත රැකීමේ අනුහසින් කන්නගී දේවත්වයට පත් වෙනවා පත්තිනි විදිහට. අම්මට ගරහන නංගිට අයිය කියනව; අපේ අම්මටත් තිබ්බ තනේ කඩල බිම ගහල පත්තිනි වගෙ හැම දේම අත හැරල , සමාජෙට සාප කර කර , පතිවත රැකන් දේවත්වයට යන්න.. ඒත් එහෙම වුණා නම් උඹයි, මායි මැරෙන්නේ හාමතේ. හැබැයි ඒ දේව කතා ෆැන්ටසියෙන් මිදිලා අම්මා පොළොවේ පය ගැහුවේ උඹෙයි, මගෙයි බඩ පුරවන්න. එහෙම බලද්දි , වේසියක් උනු අපේ අම්ම පත්තිනිට වඩා කොච්චර උතුම්ද කියලා. වෙස්සන්තර බවුන් වඩලා ලෝකේ දුක නිවන්න මාර්ගේ හොයද්දි , වනේ ගිහින් අමාරුවෙන් පලවැල නෙලන් දරුවොන්ගේ දුක නිව්වේ "අම්මා", මන්ද්‍රි දේවි. මේත් අන්න එහෙම අම්මෙක්! අයිය අහනව උඹ ඔය තුවාල පාරන්නේ එහෙම නැත්නම් අම්මගේ චරිතෙ ගැන හාරන්නේ ඇයි උඹට අම්ම ඇඟ විකුණලා අමරුවෙන් හොයන් ඇවිත් කන්න දුන්නු දේ විස වෙලද? "නඟෙ දැං යමං පඬි පුර ගිනි තියපන්!" එහෙනම් වරෙන් යන්න.... අම්මට නෙමෙයි , අම්මව මේ තත්වෙට පත් කරපු සමාජෙට ගිනි තියන්න කියලා.

Review By : Yesha Sri
https://www.youtube.com/channel/UCZ_36g679bbM-qVQA_FFQUQ
Back to Top