0

ඇම්ඩා අපායේ......




ඔන්න ඉතින් ඇම්ඩ කාලක්‍රියා කරල එහෙම දැන් ගිහිල්ල අපායෙ,. මූ යම රජ්ජුරුවො ලඟට යන්න පොලිමේ ඉඳිද්දි ඔන්න මුට සෙට් උනා පොරක්ව..
"තමුසෙට මොකද උනේ? තමුසෙ මොනා වෙලාද මළේ?

ඇම්ඩ කිව්ව,, "මාව හීතලට ගල් වෙලා ඕයි මලේ.., ඉතින් තමුසෙට මක්කෙයි උනේ"

මාව මරුනෙ මගෙ ගෑනිව සැක කරපු එක දරා ගන්න බැරි දුකටයි., මගෙ ගෑනි වෙන මිනිහෙක් එක්ක සම්බන්ඳයක් තියෙනව කියල මට ලොකු සැකයක් තිබ්බ, ඉතින් මන් වැඩට නොයා මග රැකගෙන ඉඳල එක පාරටම ගෙදරට පැන්න, අනේ ගෑනි පාඩුවෙ ඇඳ උඩට වෙලා හිටිය., මගෙ තිබ්බ සැකේට ගෑනිටත් ගහල ගෙයි හැම තැනම හෙව්ව, ඒත් කාවවත් හම්බ උනෙ නෑ., 


ගෑනිව සැක කරපු දුකෙන්ම පපුවෙ අමාරුවක් හැදිලයි මන් මැරුනෙ..

ඇම්ඩ; තමුසෙ ඒ වෙලාවෙ පොඩ්ඩක් ෆ්‍රිජ් එක ඇතුලෙ බැලුව නම් අපි දෙන්නම තාම ජීවතුන් අතරනෙ ඕයි........... 
0

මූණු පොතේ වළාකුළු දත්ත ගබඩාව.....

අපි හැමදාම යන එන තැනක් තමා ෆේස්බුක් කියන්නේ....ටිකක් හිතලා බැලුවද අපි දාන ෆොටොස්,වීඩියෝස් එහෙම ෆෙස්බුක් එකේ අය කොහෙද තියලා තියෙන්නේ කියලා....

මෙන්න මේවගේ තමා ඔයාල අප්ලෝඩ් කරන හැම කුණුගොඩක්ම තියාගෙන ඉන්නේ වැඩි කතා හොද නෑනේ..ඔන්න එහෙනම් බලන්නකෝ...
මේක තියෙන්නේ කාන්තාරයක් මැද්දේ.....






















0

නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත



නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා
මතකද හැම රෑ පහන් වනතුරා පැතූ පැතුම් කෙලි සිනා වදන් දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්..........

ඉරණම ලියැවි අප වෙන් කලදා
දෙගුරුන් අමුවේ සිත නිහඩයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්.........
නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්
නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්
නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්
නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්.........

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි උනත් මට සොදුරු වරම්
අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු......
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්.........


0

මුහුදේ මාළු වැඩිවීමටත් ** කුඩා වීමටත් හේතුව



අවවාදයයි : තේරුම් ගන්නා ආකාරය අනුව අර්ථය වෙනස් විය හැක

1.මුහුදේ මාළු වැඩිවීමටත් ** කුඩා වීමටත් හේතුව "අල්ලන්නේ නැතිවීම " වන අතර කොතරම් ඇල්ලුවත් අඩු නොවන මාළු මෙන්ම ලොකු නොවන ඒවාද ඇත?

2.හොඳ ඇපල් වලට විදින්නේම පනුවන් වන අතර එවැනි ඇපල් ගෙඩියක් අසුවුන කෙනෙකුට පනුවා යටටම විද නැත්නම් එම කොටස ඉවත් කර ඇපල් ගෙඩිය සදහටම ළඟ තබා ගත හැකි අතර පනුවා ඇතුලටම විද ඇත්තනම් හොඳ පැත්තෙන් ටිකක් කා දමා වහාම විසිකළ යුතුය.

3.වට්ටක්කා අයිති වැල් වලට වන අතර බොහොමයක් ඒවා දරාගැනීම වැල් වලට නොහැකි වීම නිසා පොළොවෙහි හැදී පොළවටම පස් වී යයි.

4.විශාල බස් රථ ධාවනය කරන බොහොමයක් රියදුරෝ කෙට්ටුය.

5.ඕනෑම ලොකු නැවක් වරායකට ආපසු ආන්බාන් කරන්නේ කුඩා ටග් බෝට්ටුවකිනි.

6.ගහලා බැන්දත් බැඳලා ගැහුවත් දෙකම එකයි කිව්වට බැඳලා ගැසීම නීතිමය ප්‍රශ්න වලින් ඔබව ඈත් කරයි.

7.ගොනා හැරෙන විට පොල් පැලේ කන්න බව දන්නා බව පවසන අය ගොනා ගැනද හොඳින් දැනගෙන සිටිය යුතු වේ.එම නිසා ගොනා හැරුනට කම් නැත.පැලේ වෙනුවට ආදේශකයක් දිය යුතුය.

8.කඳක් ඉරනවාට වඩා පිට පළුවක් පැලීම පහසුය.

9.හදිස්සියේ විවාහ වන්නා නිවිහැනහිල්ලේ පිටස්තරයෙක් සමග පසු තැවේ.

10.විභාගයකදී අසීරුම දේ මතකය අකුරු කිරීම හෙවත් හිතට ගත් දේ අතට ගැනීමයි.සැබෑ ජීවිතයේදී එය එසේ නොවේ.

11.පඳුරකට විද්දොත් හාවෝ හතර පහක් විසිවිය හැක.

12.නියර දෙස බලා කුඹුරේ පලදාව ගැන තීරණය කල හැක.මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැත.පාරක් හිටියත් හිටින්නේ තෙල් නැවක් ගියොත් පමණි.ඒවාට oil split කියනු ලැබේ.කප්පිත්තෝ තෙල් ටික පිට නොයාමට වගබලා ගන්නවානම් පාරක් හිටින්නෙම නැත

0

අතින්වත් අත ඇල්ලුවේ නෑ




අතින්වත් අත ඇල්ලුවේ නෑ
කිසිම කිලුටක් තිබුනේ නෑ
ආදරය හැර  හීනයකවත් 
කිසිම කිලුටක් තිබුනේ නෑ
ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑ

කුළුදුලේ කී මුල්ම වචනය 
පැටලෙද්දී ඔය සොදුරු දෑසට
නුඹත් මා ලග මන් වගේ නිහඩයි
බිම බලාගෙන ගොළු උනේ ඒකයි

නොයිදුලේ හැගුමන් තියාගෙන 
ආලයෙන් වියපත් වෙලා අප
වෙන් උනෙත් ආදරේ හින්දාමයි
සමුදෙන්න බැරි හමු නොවිත් ඒකයි
හමු නොවිත් සමුදෙන්න බැරි ඒකයි
ඔබට අමතක වෙන්න බෑ 
අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ 
ඔබට අමතක වෙන්න බෑ 

ගායනය - අමරසිරි පීරිස්



Back to Top