0

නරින්ගේ අභය භුමිය

මේ ලංකාවේනම් නෙවෙයි මේක තියෙන්නේ ජපානේ ෂිරෝෂි කියන ගම්මානයේ මේ අයට කන්න එහෙම අරගෙන ගිහින් බලලා එන්න පුලුවන් කියලා තමයි අපිටනම් ආරංචි උනේ











0

මුදු මුහුණේ සුව දැනුනේ පිය ලඳුනේ මට විතරද???



ඔබ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නේද...? ආදරේ කරල තියෙනව නේද...? ආදරේ කරනව නේද...? ඉතින් පළමු ආදරයෙන්ම සාර්ථකවෙන්න හැමෝටම පුළුවන්වෙන්නෙ නෑ.... දැනට ඔබට හිමි වෙලා තියෙන්නෙ ඔබේ දෙවන හෝ තෙවන ප්‍රේමය වෙන්නත් පුලුවන්.
ඉතින් අපි හැමෝම අපේ ආදරවන්තයට හෝ ආදරවන්තිට කියන කතාවක් තමා "මට ඔයාගේ පරණ ඉතිහාසයෙන් වැඩක් නෑ. අපි දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරගෙන ඉමු" කියනඑක. ඒත් ආදරේ කරන කාලයේදී ඒක එහෙම උනත් අපේ හිත් තුල හංගාගෙන යටපත්කරගෙන ඉන්න යථාර්ථය ඒක නෙමෙයි කියන එකතමා මේ ගීතයෙන් පෙන්වන්නෙ.
සිය බිරිද එක්ක එකට හිදීමෙන් පස්සෙ සැමියගෙ හිත තුල ඇතිවෙනව අපි හැමෝටම ඇතිවෙනව වගේ ප්‍රශ්ණ.... හැබැයි අපි කරන්නෙ එහෙම දෙයක් ඇති උනත් ඒක අමතක කරනව... නැතිනම් යටපත් කරනව... එහෙමයි වෙන්න ඕනි... මොකද පරණ කුණු වැඩක් නෑනේ... ඒත් මේ සැමිය එහෙම කරන්නෙ නෑ.... කෙලින්ම සිය බිරිදගෙන් අහනව තමාට ඇය ගැන ඇතිවෙලා තියෙන ප්‍රශ්ණ..... හොදම වැඩේ ඒක නෙමෙයි.... එහෙම ප්‍රශ්ණ ඇහැවුවට බිරිද උත්තර දෙන්නෙ නෑ.... ඇයත් පෙරලා නැවත ප්‍රශ්ණ ටිකක් අහනවා සැමියගෙන්....
සැමියා -
ඔයාගෙ මුහුණ සිප ගත්තෙ මම විතරද....?
බිරිද -
මගේ මුහුණ විතරද ඔයා සිපගෙන තියෙන්නෙ....?
මුදු මුහුණේ සුව දැනුනේ
පිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද...
ඕනම ප්‍රේමවන්තයෙක් කැමතියි තමාගේ පෙම්වතිය නොඉඳුල් වස්තුවක් වෙනවනම්. ඉතින් මේ පිරිමියත් සිය බිරිදගේ උකුලේ ආදරෙන් ඔළුව තියාගෙන ගොඩාක් සුව වින්දිනව... ඒ මොහොතේදි ඔහුට ඇතිවුන ප්‍රශ්ණය ඔහු අහනව ... එයටත් බිරිද උත්තර විදියට දෙන්නෙ ප්‍රශ්ණයක්මයි...
සැමියා - 
ඔයාගෙ උකුලෙ ආදරෙන් සැතපිළා හිටියෙ මම විතරයිද....?
බිරිද -
ඔයාගෙ උරහිසේ හිස තියාන සුවෙන් හිටියෙ මම විතරද....?
පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මන් විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මන් විතරද...
මෙතනදි තමා මේ දෙන්න විවාහක යුවලක් කියන එකට අපට ප්‍රබලතම සාක්ෂි ලබාදෙන්නෙ. දෙන්න ආදරයෙන් එකතුවීමෙන් පස්සෙ තමා ස්වාමියා මේ ප්‍රශ්ණ නැගීම කරන්නෙ... ඒත් එහිදිත් බිරිද ප්‍රශ්ණයකින් පිළිතුරු දෙනවා... දෙන්න එකතුවීම සදහන් කිරීමත්, හිමි සදුනේ ලෙස ඇමතීමත් නිසා තමයි මේ දෙදෙනා විවාහක යුවලක් ලෙස අපට හගවන්නෙ... මෙහි "ඉඟ නෙරියේ ‍රැළි බින්දේ " ලෙසින් අර්ථ දක්වන්නේ දෙදෙනා අඹු සැමියන් වශයෙන් ලිංගිකව එකතුවීම.... ඉන් අනතුරුව සැමියා හා බිරිද නගන ප්‍රශ්ණ මම මේ විදියට දක්වන්නම්....
සැමියා -
මම නේද කෙල්ලෙ ඔයාගෙ පළවෙනියා , ඔයා වෙන කෙනෙක් එක්ක ඉදල නෑ නේද?
බිරිද -
මමත් ඔයාගෙ පළවෙනිය නේද.... දෙවෙනිය තුන්වෙනිය නෙමෙයිනේ?
ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ලඳුනේ මන් විතරද
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද...
කොහොමද වැඩේ..... පුදුම සුන්දරයි නේද...? මේ ගීතයේ ඇයි මේ ප්‍රශ්ණ විතරක් අහන්නෙ... කෝ උත්තර...? ඒක තමයි අපේ යාළුවනේ මේ ගීතයේ තියෙන සුන්දරත්වය... දෙන්න එක්ක ප්‍රශ්ණ අහනව.... හැබැයි අවංකවම ගත්තොතින් උත්තර දෙන්නෙ මේ ගීතය අහන ඔබත් මමත් නේද.... අපි හිතින් මේවට උත්තර දෙනව නේද...? අපි අපි ගැනම හිතනව නේද...? කොහොමද ගීතයක තියෙන බලය.... මේ ගීතයෙන් අපිට දෙන්නෙ පණිවිඩයක්... ගීතය අපේ හෘදසාක්ෂියටයි කතාකරන්නෙ... හැමෝගෙම ළග පොඩිහරි වැරදි තියෙනව... කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ කියන එක මනසට නෙමෙයි අපේ හෘද සාක්ෂිය ලගටම ගිහින් ඇමතීමක් මේ ගීතයෙන් කරනව කියන එකයි මගේ හැගීම... අපේ යාළුවො නැවත වතාවක් මේ ගීතය දැන් අහල බලන්නකෝ.........

Source : Youtube by Kasun Madubasha Perera
0

Lips Of An Angel



Honey why you calling me so late?
It's kinda hard to talk right now.
Honey why are you crying? Is everything okay?
I gotta whisper 'cause I can't be too loud

Well, my girl's in the next room
Sometimes I wish she was you
I guess we never really moved on
It's really good to hear your voice saying my name
It sounds so sweet
Coming from the lips of an angel
Hearing those words it makes me weak

And I never wanna say goodbye
But girl you make it hard to be faithful
With the lips of an angel

It's funny that you're calling me tonight
And, yes, I've dreamt of you too
And does he know you're talking to me
Will it start a fight
No I don't think she has a clue

Well my girl's in the next room
Sometimes I wish she was you
I guess we never really moved on
It's really good to hear your voice saying my name
It sounds so sweet
Coming from the lips of an angel
Hearing those words it makes me weak

And I never wanna say goodbye
But girl you make it hard to be faithful
With the lips of an angel

It's really good to hear your voice saying my name
It sounds so sweet
Coming from the lips of an angel
Hearing those words it makes me weak

And I never wanna say goodbye
But girl you make it hard to be faithful
With the lips of an angel

And I never wanna say goodbye
But girl you make it hard to be faithful
With the lips of an angel

Honey why you calling me so late?
0

මොහොතක් සිතන්න


1) ශාරුක් ඛාන් අවුරුදු ගණනක් වේටර් කෙනෙක් විදියට ආපන ශාලාවක වැඩකරපු කෙනෙක්.
ඒ වගේමයි දමිල සිනමාවේ සක්විති රැජිනි කාන්ත් අවුරුදු විසි පහේදී බස් කොන්දොස්තර කෙනෙක්.

2) සින්දු කියන්න අසාවෙන් හිටපු තරුණයෙක් හිටියා ඔහු අවුරුදු ගණනක් වේදිකාවල මුදලක්
නොගෙන ගීත ගායනා කළා.සමහරු ඔහුට හූ තිබබා.ඔහු ගීත ගායනා කල මුල්ම
චිත්රපට ගීතයත් නිෂ්පාදක කපල ඉවත් කලා..චිත්රපට නිෂ්පාදකයා බැන වැදුනේ ඔහුට
සිනමාවට ගැලපෙන කට හඩක් නැහැයි කියල.එහෙත් ඔහු උත්සාහය අත ඇරියේ නැහැ .
ඒ තමා අපි කව්රුත් හදුරන එච්. ආර්. ජෝතිපාල ජනප්රිය ගායක ශිල්පියා.

3) අවුරුදු 7 වන විටත් වචනයක් වත් කියවගන්න බැරි කොලු ගැටයෙක් හිටියා.
ඔහු පන්තියේ හැමදාමත් අන්තීමය උන.කව්රුත් ඔහුව ගණන් ගත්තේ නැහැ.
දෙමව්පියෝ හිතුවේ ඔහු මානසික රෝගියෙක් කියල.ඒ තමා ලෝකයම දිනපු ප්රසිද්ද
විද්වතා ඇල්බට් අයින්ස්ටයින් .

4) අනාතයෙකුව ඉපදුනු කුඩා දරුවෙක් හිටියා.ඔහු ඔහුගේ ළමා කාලය ගත කලේ මහා මග.
අනුන්ගේ කඩපිලි වල.තරුණ වියට පත් වෙද්දී ඔහු රැකියාව විදියට මහා මාර්ගයේ යනෙන මිනිස්සු
හිනැස්සුව. ඒ දවසට පවුම් දෙකක් හොයා ගන්න.එහෙත් ඔහු මැරෙද්දි මුළු ලෝකයක්ම ඔහු වෙනුවෙන්
හැඩුවා..
ඔහුගේ නම චාලි චැප්ලින්.

5) තරුණ වියේදී එක තරුනයෙකුව කැලිෆෝනියා සිනමා පාසලෙන් නෙරප දැමුවා.
ඔහුගේ එකම සීහීනය වුනේ සිනමා උපාධියක් අරගන්න.ඔහු උත්සාය අත ඇරියේ නැහැ.
තමා සීනයක් ව ප්රර්ථනා කරපු උපාදිය 2002 වසරේදී විශ්ව විද්යාලය විසින් නොමිලේම ඔහුට
පිරිනැමුණා.ඒ ස්ටීවන් ස්පිල්බර්ග් ලෝ ප්රකට සිනමාවේදියා.

6) සැමියා අතහැර දැමු වැන්දබු කාන්තාවක් තමා එකම දරුවා ජිවත් කරගන්න පත්තර වලට
සුරංගනා කතා ලිව්වා. ඒ කතා සියල්ලම පුවත් පත් වලින් ප්රතික්ෂේප කරද්දීත් ඇය තීරණය කලා පොතක් ලියන්න.
ඒ පොතත් රැගෙන ඇය සියගණනක් ප්රකාශන ආයතන වලට පයින් ගියා.. එඅහෙත් සෑම කෙනෙක්ම එය බාල
වර්ගයේ නිර්මාණයක් ලෙස විසිකර දැමුවා. අවසානයේ එක සමාගමක් එය ප්රකාශ කරන්නට
බාරගත්තා..
මේ තමා ජේ.කේ රෝලින් සහ අයගේ මුල්ම  නිර්මාණය "හැරි පොටර් " නවකතාවේ ඉතිහාසය.

7) වරක් ගීත නිෂ්පාදන ආයතනයක් එක තරුනයෙක්ව තම සමාගමෙන් අස් කර දැමුවා.
"උබට සින්දු කියන්න බෑ උබට පුළුවන් ට්රක් එලවන්න විතරයි" සමාගමේ අය්තිකරු ඔහුට
එසේ කිව්වේ ඔහු වෘතියෙන් ට්රක් එලවන්නෙකු වුනු නිසා....
එහෙත් තරුණය එහින් සැලුනේ නෑ..ඔහු නැවත නැවතත් උත්සා කලා.
ඔහු පසුකාලයේ ජනප්රිය වුණා "එල්විස් ප්රෙස්ලි " නමින්.

8) දුප්පත් ගොවියෙකුට දාව උපන් දරුවෙක් හිටියා. කුඩා කාලයේ අධ්යාපන ලැබීමේ වාසනාව
ඔහුට නොලැබුණේ ඔහුගේ දුප්පත් කම නිසා. කුඩා කාලයේම මුදල් උපයන්න ඔරු පදින්නෙකු
ලෙසත් දුම්රිය මාර්ග සදන්නෙකු ලෙසත් සේවය කලා.
ඒ උපාය ගත් මුදලින් ඔහු නීති විද්යාලයට බැදී නීති උපාදියත් සමග දේශපාලනයට අවතීර්ණ වුන.
දහතුන් වතාවක් චන්දයෙන් පැරදුනු ඔහු 1961 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්
වුණා. ඒ "ඒබ්රහම් ලින්කන්"..

ඔබ සිහින ගොඩනගන්න නැතිනම් වෙනත් අයෙකු 
ඔබව කුළියට ගනීවි ඔවුන්ගේ සිහින ගොඩනගන්න.....
0

How to Optimize IDM Download Speed



Internet Download Manager is the current best download manager for widows. Most of my friends are also using this application. So today i'll show how to boost the speed of IDM. for this i'm using small utility called IDM Optimizer which boosts your IDM speed by modifying some registry entries like it will change Connection Speed, Connection type, Max Connection Numbers and some other few entries.

01.Download IDM Optimizer Tool
02.Now make sure IDM is installed on your PC, as this tool will only optimize IDM if its physically present on your system.
03.Now just fire up your IDM Optimizer and than you will see window like above just click on Maximize Now and you will get a note asking you to restart your IDM do that and once restart your PC.
04.That’s it now your IDM is boosted with speed, try to download any file and check out if speeds are good or not.
05.If you want to restore your default settings than you can click on Restore Default.
0

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට



එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයි ද විරහින් සිත අද්දරට

විශ්මිත ගමන අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදු බැවින
දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසින

සිටින කොදෙව්වක නුඹ සැප විදී නම්
මවෙතින් ලැබුනු ආදරයක් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්...!!
0

ඔන්න අපිත් ගියා හෝටන් තැන්නට





 














0

Feel the LOVE!!!



Unless we share someone's pain,
We don't get separated from our [own]
pain and pain doesn't get separated from us.
Here only my days end.
Here alone the mornings begin.
Here I have to live and die.
Here are all my pilgrimages.
Your streets. Streets, your streets
Your streets suit me,
your streets. Your streets. Streets,
your streets They agonize me, your streets.
You sleep in my sleep,
You cry in my tears.
 There is your whisper in my thoughts,
Even when you're not there, you are there.
You're the result of my pain..
They're the wishes of my heart, your steets.
How's this relationship of your and mine,
It doesn't have a face and yet it's so deep.
These moments, these moments like silk..
We shouldn't lose them.
The caravan of time,
let's stop it.
Now they (your streets) shouldn't get separated from the heart..
Your streets. Streets, your streets
They agonize me, your streets.


0

තිත්ත ඇත්ත









0

සොඳුරිය මට නොකියාම ගියා..!


දවසක් සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක
ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා
කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක්
තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ
දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...
මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ
මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ
දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න
වෙනවා...
ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට
බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න
ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!
මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා
නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ
අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක්
තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක්
වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය
ඤාතියාට ගෞරව කරන්න...
ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න
වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට
ගීතවත් වෙන්නෙ...
·
එදා මෙදාතුර කඳුලට විවරවූ

දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා...
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...
දැස් කවුළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ....
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
0

විදුලි මිණි පහන් දැවී




විදුලි මිණි පහන් දැවී

බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී 
සැඳෑ සාදයේ.....
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ..


එන්න කන්න බොන්න මිහිරේ 

සැමටයි ආරාධනා 
ඔබේ හඬ කිදී සිදී යයි කතා සරිත් සාගරේ..
පුරාගෙන පිරු විතේ 
විසුලු කෙලි නැටුම් සිනා 
යොමා ඇස බලන් යලි සොදුරේ 
මැදුරු දොර දිහා.. 


දෙන්න කන්න බොන්න නොකියා

දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා..
ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී 
පළා යමි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී........


ධනපති පන්තියට අයත් යමක් කමක් ඇති නාගරික පවුලක තරුණියක් සහ දුප්පත් ගමක තරුණයෙක් විවාහාවෙලා එම තරුණයා මුහුණ දෙන අත්දැකීමක් තමයි ගීතයේ කියවෙන්නේ.ආදරය නිසා විවහ වූ නමුත් එම පවුළ් පරිසරය ඔහුට ගැලැපෙන්නේ නැහැ.ඔහු එම සමාජයට ගැලපෙන්නේ නැහැ. ඇය ඇයගේ මිතුරු මිතුරියන් පිරිවරාගෙන නිවසේ සාදපවත්වමින් විනෝද වෙත්දී පුර්ෂයෙකු ලෙස ඔහුගේ පවුලේ ආධිපත්‍ය අහිමි වෙනවා.මේ පරිසරය තුල ඔහුට කිසිම බලයක් නොමැති අයෙක් බවට පත්වෙනවා.
0

සඳකඩ පහණක කැටයම් ඔපලා



සඳකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ…. කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා.

සඳකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්… මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්…

සඳකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී…..

තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,

කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී…

මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි. සඳකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා, ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා.

යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී….

මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,

දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු…

ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,

අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු…

මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ… තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,

ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ…

පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,

හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා….

තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,

මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා…

මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,

ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා….

මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා.
0

මගේ කතාව - ස්ටීව් ජොබ්ස්



ඇපල් Ipod, Iphone ,I phone 4 , IPad ලෙස ඉතාමත් ජනප්‍රිය නව නිපැයුම් ලොවට දායාද කලා. අද ඇපල් කියන්නේ එක කලාවක් , එක සමාජ සන්කේතයක් වෙලා.මේ වගේ සමාජ වාතාවරණයක් හදල දුන්නේ ස්ටීව් ජොබ් (Steve Jobs) තමයි. ඇපල් සමාගමෙන් ඉල්ලා අස් වීමේ ලිපිය භාර දුන් මොහොතේ සිට ඔහු ගැන මුලු ලොවම කතා කරනවා...

නමුත් මෙයාගේ ජීවිත කතාවනම් අපිට ගොඩක් දේවල් කියල දෙන චරිතාපදානයක්. ඉතාම දුප්පත් සමාජ වටපිටාවකින් තමන්ගේ ජීවන ගමන පටන් අරන් ලෝකයට අලුත් පාරක් පෙන්වන්න Steve jobs මහත්මයා ගත්ත උත්සාහය අපි කාටත් හොද ආදර්ශයක්. අද ඇපල් කියන්නේ සල්ලි කාරයින්ගේ භාණ්ඩයක් උනාට ඇපල් අයිතිකාර  ස්ටීව් ජොබ් මහත්මයා ඉතාම අමාරුවෙන් ජීවිතය පටන් ගත්ත පුද්ගලයෙක්.




ඔහුගේ ජීවිත කතාව වරක් ස්ටැම්ෆර්ඩ් විශ්වවිදය්‍යලයේ 114 වෙනි සංවත්සරය (2005 ජුනි 11) සමරමින් කරන ලද ආරම්භක දේශනය තුල අන්තර්ගත වී තිබුණා.

ලොවක් මවිත කල ඔහුගේ ඒ ආරම්භක දේශනය අපි දැන් ඇහුන්කම් දෙමු......................................................


ලෝකයේ තිබෙන හොදම විශ්වවිද්‍යාල  වලින් එකක් වන ඔබගේ  උපාධි ප්‍රධානෝත්සවයට  සහභාගී වීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. මම කවදාවත් උපාධියක් ලබාගෙන නෑ. උපාධියකට කිට්ටුවටම පැමිණි පළමු  අවස්ථාව මෙයයි. මගේ ඡීවිතයේ  කතා තුනක් මම  අද ඔබට කියනවා. එච්චරයි. ලොකු දෙයක් නෙවෙයි. කතා තුනක් විතරයි.

පළවෙනි එක තිත් යා කිරීම පිළිබදවයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට පලවෙනි මාස හයෙන් පස්සේ මම ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයෙන් විසි වුණා. ඇත්තටම විසි වෙලා යන්න කලින් මම තවත් මාස 18ක් විතර වැනී වැනී හිටියා. ඇයි මම විශ්වවිද්‍යාලයෙන් විසි වුණේ?

ඒක පටන් ගත්තෙත් මම උපදින්නටත් පෙර මගේ ඡීවවිද්‍යාත්මක අම්මා තරුණ කසාද නොබැදපු  උපාධිධාරි ශිෂ්‍යාවක් වුණා. ඉපදුනාට පස්සේ මා හදාගන්න දෙන්න ඇය තීරණය කළා. දිනකදී මාව හදාගන්නා අය උපාධිධාරීන් විය යුතු බව ඇය තීරණය කර තිබුණා.  ඉපදුනු වහාම මාව නීතීඥයන් යුවලකට හදා ගැනීමට දිමට සියළු දේ සූදානම් වී තිබුණා. නමුත් අවසාන වෙලාවේ ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුනේ ගැහැණු ළමයෙක්. මා ඉපදුනු රාත්‍රියේ මෙන්න මෙවැනි දුරකථන ඇමතුමක් මා හදා ගත් දෙමාපියන්ට ලැබි තිබුණා. අනපේක්ෂිත විදිහට පිරිමි ළමයෙක් ලැබිලා තිබෙනවා. ඔබලාට ඔහුව ඕනද? දිනක මා විශ්වවිද්‍යාල යවන බවට දැඩි පොරොන්දුවකින් පසුව මගේ ඡීවවිද්‍යාත්මක අම්මා මාව හදාගන්න දීල තියෙනවා.

ඉතින් මං විශ්වවිද්‍යාලට ගියා. මගේ අධ්‍යාපනයට මධ්‍යම පාන්තික මගේ දෙමාපියන් ඔවුන් උපයන හැම සතයක්ම වැය කළා. විශ්වවිද්‍යාල ඡීවිතය මාස 06කට පසුව මට ඒකේ කිසිම වටිනාකමක් පෙනුනේ නැහැ. මේ ඡීවිතේ මං කරන්න අවශ්‍ය  දේ ගැන මට අදහසක් තිබුනේ නැහැ. ඒක හොයාගන්න විශ්වවිද්‍යාලයෙන් උදව්වක් ලැබෙන බව පෙනුනෙත් නැහැ. මගේ අහිංසක දෙමාපියන් ඡීවිතයේ උපයාගත් සල්ලි මා වෙනුවෙන් වැය කරමින් හිටියා. මගේ වැඩ මංම කරගන්නවා කියලා මංම විශ්වවිද්‍යාලයෙන් අයින් වුණා. ඒ වෙලා‍වේ මං ගොඩාක් බය වුණා. නමුත් අද මං ආපස්සට බලද්දි මා ගත් තීරණවලින් හොදම එකක් වන බව මට දැනෙනවා. විශ්වවිද්‍යාල අයින් වූ පසුව මා කැමති දේශන වලට සහභාගී වීමටත් අකමැති දේශන සහභාගී නොවීමටත් මට හැකි වුණා.

ඒ ඡීවිතේ සුන්දර එකක් වුනේ නැහැ. මටම කියා නේවාසික කාමරයක් තිබුනෙත් නැහැ. යාළුවෙකුගේ කාමරේ බිම තමයි නිදා ගත්තේ. පරණ කොකා කෝලා බෝතල් එකක් සත 5කට එකතු කරලා දීලා තමයි කෑම කන්න සල්ලි හොයා ගත්තේ. හැම ඉරිදම හැතැම්ම 07ක් දුර පයින් ඇවිදලා හරේ ක්‍රිෂ්ණා කෝවිලට ගිහින් තමයි හොද ආහාර වේලක් ගන්නේ. මම ගොඩාක්  කැමැත්තෙන් මේක කලා. මේ දවස්වල මා දුටු දේවල් , මා කළ දේවල් මගේ කුතුහලය, මා සතුව තිබූ සහඡ බුද්ධිය පසුකාලීනව මගේ ඡීවිතයේ අමිල දේවල් බවට පත්වුණා. මම ඔබට උදාහරණයක් දෙන්නම්. රීඩ් විශ්වවිද්‍යාලය ලස්සනට අත් අකුරු ලිවිමේ කලාව ඒ දිනවල හොදින්ම ඉගැන්නුවා.

සමහර විට ලෝකෙ මේ සම්බන්දව හොදම විශ්වවිද්‍යාලය රීඩ් වෙන්නත් ඉඩ තිබුණා. කැම්පස් එකපුරා අලවා තිබූ පෝස්ටර්, හැම ලාච්චුවකම ලේබලය ලස්සනට අත් අකුරු වලින් ලියලා තිබුණා. මම ඉවත් වි සිටි නිසා සාමාන්‍යල  විදිහට දේශන ශාලාවට යන්න මට සිද්දවෙලා තිබුනේ නැහැ. අත් අකුරු  පන්තියකට යන්න මම තීරණය කළා. විවිධ වූ අකුරු වර්ග ගැන, අකුරු අතර තිබිය යුතු පරතරය ගැන, අත් අකුරු ලස්සන වෙන්නේ කොහොමද යන්න ගැන මම ඉගෙන ගත්තා. ඒක හරිම ලස්සන ඓතිහාසික, කලාත්මක සියුම් ක්‍රමයක් වුණා. විද්‍යාවට හසුකර ගැන්මට අපහසු වූ මෙය මගේ සිත් ඇද බැද ගත්තා.

නමුත් මගේ ඡීවිතේ ප්‍රායෝගිකව මම මෙය පාවිච්චි කලේ නැහැ. නමුත් වසර 10 කට පසු අපි මැෂින්ටොෂ් පරිගණකය සැලසුම් කරන විට මේ හැමදේම මට ආයේ මතක් වුණා. ඒ ලස්සන අත් අකුරු ලිවීමේ කලාව මැක් පරිගණකයේ එසේම තිබුණා. ලෝකේ ලස්සනම අකුරු සහිත පරිගණකය මැක් වුණා. එදා මා විශ්වවිද්‍යාලයේදී එම පාඨමාලාව හදාරා නොතිබුණානම්  මැක් පරිගණකයයේ ලස්සන යතුරු ලියන ක්‍රමයක් නොමැති වීමට ඉඩ තිබුණා. වින්ඩෝව්ස් මැක් වලින් කොපි කරපු නිසා ලෝකයේ කිසිම පරිගණකයක එය නොතිබීමට ඉඩ තිබුණා. මම විශ්වවිද්‍යාලයෙන් ඉවත් නොවූවානම් අහම්බෙන් දුටු අත් අකුරු පන්තියට සහභාගී නූනානම් පුද්ගලික පරිගණක අද තියෙන තරම් ලස්සනට යතුරු ලේඛනය නොකිරීමට ඉඩ තිබුණා. මා විශ්වවිද්‍යාලයේ  සිටියදී අනාගතය දෙස බලාගෙන තිත් යා කිරිම නොහැක්කක්  වුනත් අවුරුදු 10 කට පසුව අතිතය දෙස බලාගෙන මට ඒක කරන්න පුළුවන් උනා.

ඔබට මට පැවසීමට ඇත්තේ ඉදිරිය බලාගෙන තිත් යාකළ නොහැකියි. ඔබට එය කල හැක්කේ ආපසු බලමින්මයි. එම නිසා  මේ තිත් කෙදිනක හෝ ඔබේ ඡීවිතයේදී  සම්බන්ධ වන බව ඔබ විශ්වාස කල යුතුයි. කිසියම්ම  හෝ දෙයක් ඔබ දැඩිව විශ්වාස කළ යුතුයි. ඔබගේ  ආත්මවිශ්වාසය, ධෛර්ය, කර්මය මොකක් වුනත් කමක් නැහැ. මෙලෙස සිතීම මගින් මා ඡීවිතයේ කවදාවත්  නොවැටී සිටියා හා මගේ ඡීවිතයේ සියලු වෙනස්කම්  උනත් මං එහෙමම ඉන්න පුවවන් උනා.

මගේ දෙවැනි කතාව ආදරය හා නැතිවීම පිළිබදවයි.

මම ගොඩාක් වාසනාවන්ත වුණා.තරුණ කාලේදීම මා කැමති දේ කිරීමට මට ලැබුණා. ඇපල් පරිගණක සමාගම මට  අවුරුදු  20 දී මගේ දෙමාපියන්ට අයත් ගරාජයේ මං පටන් ගත්තා. අපි මහන්සි වෙලා වැඩ කළා. අවුරුදු 10කින් ගරාජයේ  වැඩකළ දෙදෙනාගෙන් පටන් ගත් සමාගම  4000 ක් දෙනා වැඩ කරන ඩොලර් බිලියන 2 ක් වටින කොම්පැණියක් බවට පත් වුණා. අපගේ පළමු නිර්මාණය මැකින්ටොෂ් අවුරුද්දකට කළින් නිකුත් වෙද්දී මට අවුරුදු 30 වුණා පමණයි. ඉන්පසු මාව අස්කළා. මා විසින්ම පටන්ගත් කම්පැණියෙන් මාව අස්කරන්නේ  කොහොමද? ඇපල් පරිගණක ව්‍යාපාරය  වර්ධනය වන විට දක්ෂයි කියා මා විශ්වාස කළ අයකු කම්පැණිය පවත්වාගෙන යෑම සදහා මා කුලියට ගත්තා. පළමුවැනි වසරක කාලයකදී විතර හැමදේම හොදින් සිදුවුණා. අනාගතය ගැන අපගේ දැක්මන් එකිනෙකට වෙනස් වීමට  පටන්ගත්දා පටන් අපි විරසක වුණා. අධ්‍යක්ෂක මණ්ඩලය ඔහුගේ පාර්ෂවය ගත් පසු මා ඉවත් වුණා. ප්‍රසිද්ධියේ ඉවත් වුණා. වැඩිහිටියකු ලෙස මගේ ජීවිතයේ හොදම කාලය ගෙවී ගොස් තිබුණා.

මාස  කිහිපයක් යන තුරු කරන්නේ කුමක්දැයි කියා මා ඇත්තටම දැන සිටියේ නෑ. ව්‍යවසායකයන් මා නිසා අපහසුතාවයට  පත්වුණු බව මට දැනුණා. මට ලැබුණු යෂ්ඨිය මා බිම දමා ඇතැයි මට හිතුණා. අප සමග සම්බන්ධ වූ අය මුණගැසී මා ඔවුන්ගෙන් සමාව ගත්තා. ප්‍රසිද්ධියේ අසාර්ථක වීම නිසා ගෙවල් දොරවල්  හැරදමා යන්න හිතුණා. නමුත් යමක් මගේ ජීවිතයේ සෙමින් ආලෝකමත් කරමින් තිබුණා. මම කරන දේට මම තවමත් ආදරයෙන් සිටියා. ඇපල් පරිගණක සමාගමෙන් මා අස්කිරීම  මගේ ප්‍රියතම විෂය කෙරෙහි බලපෑමක් ඇති කළේ  නෑ. මාව ප්‍රතික්ෂේප වී තිබුණා. නමුත් මා තවමත් ආදරයෙන් සිටියා. ඉතිං මං අලුතින්ම පටන් ගන්න තීරණය කළා.

එදා මට තේරුණේ නෑ. ඒත් ඇපල් පරිගණක සමාගමෙන් මාව අස්කිරීම මට සිද්ධ වුණු  හොදම දේ කියා මට අද හිතෙනවා. සාර්ථක වී සිටීමේ බර නව ආරම්භකයකුගේ සැහැල්ලු බවින් පිරවී තිබුණා. හැමදේම ගැනම අඩුවෙන් විශ්වාසය තිබුණා. මේ මානසිකත්වය මගේ ජීව්තයේ වඩාත්ම නිර්මාණාත්මක කාලය වෙත තල්ලු කළා.

මීළග වර්ෂ පහේදී මං අලුත් කොම්පැණි දෙකක් ආරම්භ කළා. එකක් NeXT අනෙක Pixar. මං ආදරේ කරන්න පටන් ගත්තා කෙනෙක්ට. මගේ බිරිද වෙන්න සුදුසු. Pixar ලෝකයේ පළවෙනි පරිගණක සජීවිකරණ චිත්‍රපටය Toy Story නිපදවන්න සුදානම් උනා. දැන් ලෝකයේ  සාර්ථකම පරිගණක සජීවීකරණ චිත්‍රාගාරය වන්නේ එයයි. දෛවයේ සරදමකින් පසුව ඇපල් පරිගණක සමාගම විසින් NeXT සමාගම මිළදී ගැනීමත් සමග මා නැවතත් ඇපල් පරිගණක  සමාගම සමග එක් වුණා. අපි NeXT වලින් දියුණු කළ තාක්ෂණය අද ඇපල් පරිගණක වල හදවත බදුයි. මේ හැමදේමත් එක්ක මම සාර්ථක පවුල් ජීවිතයකට උරුමකම් කිව්වා.

මට ගෝඩාක්ම විශ්වාසයි මාව ඇපල් පරිගණක සමාගමෙන් අස් නොකළා නම් ඉහත කිසිවක් සිදු නොවීමට ඉඩ ‍තිබුණා. ඒක හරිම අමිහිරි ඖෂධ පරීක්ෂා කිරීමක් වැනියි. නමුත් ලෙඩා සුවවීමට ඒක අත්‍යාවශ්‍ය නම් වෙන කිරීමට කිසි දෙයක් නෑ.

සමහර වෙලාවල් වලට ජීවිතය ඔබේ ඔලුවලට ගඩොලකින් ගසනවා. තමංකෙරේ විශ්වාසය නැතිකරගන්න එපා. මම විශ්වාස කරනවා මට මොන විනාශය උනත් මාව ඉදිරියට ගෙනාවේ මං කරන දේට මං ආදරේ කළ නිසා කියලා. ඔබ වඩාත්ම කැමැත්තෙන් ආදරයෙන් කරන දේ ඔබම සොයාගත යුතුයි. 100% තෘප්තිමත් වීමට නම් ඔබ වඩාත්ම කැමති දේ හොයා ගන්න වෙනවා. නවත්තන්න එපා. තව හොයන්න. ඔබට එය ලැබුණු පසු ඔබගේ හදවතට එය දැනේවි. හරියට හොද බැදීමක් වගේ කාලයක් එක්ක එය හොදින් හොදම වේවි. ඉතින් දිගටම හොයන්න. ඔබට හම්බවෙනකං.  නතර වෙන්න එපා.

මගේ තුන්වෙනි කතාන්දරය මරණය ගැනයි.

අවුරුදු  17 දී මට එක කියමනක් කියවන්න ලැබුන මතකයි. “අද ඔබගේ ජීවිතය අවසාන දිනය කියා ඔබ හිතුවොත් එක් දිනක ඔබ අනිවාර්යෙන් නිවැරදි විය හැකියි”. මේ කියමන මා වෙත විශාල බලපෑමක් කළා. එදා ඉදං පසුගිය අවුරුදු 33 දීම මං හැමදාම උදේට කන්නාඩිය ඉස්සර හට ගිහිං මගෙන්ම ඇහුවා, අද මගේ ජීවිතයේ අවසාන දවස නං, මං අද කරන්න යන දේවල් කරන්න ඕනද කියලා. දින කිහිපයක්ම  උත්තර  “නෑ”  කියන කොට මම යමක්වෙනස් කරන්න තියෙනවා කියා මම හිතුවා. මම දිනක මං මැරෙනවා කියා හිතුවා. ඒක ජීවිතයේ මට ලැබුණ වටිනාම දේ කියා මට අද හිතෙනවා. ඒ නිසාම ජීවිතයේ ගොඩාක් ලොකු තෝරා ගැනීම් කරන්න මට පුලුවන් වුනේ.

මොකද කියනවා නම් සියලුම දේ, හැම බාහිර  බලාපොරොත්තුවක්ම,  හැම ආඩම්බරකමක්ම,  හැම බයක්ම, හැම නින්දාවක්ම, අපහසයක්ම,  හැම අසාර්ථක කමක්ම,  මරණය අභියසදී වැදගත් කමක් නැති දේවල් වෙනවා. සත්‍ය  වශයෙන්ම  වැදගත් වන්නේ යමක්ද එය පමණයි ඉතිරි වෙන්නේ. දිනක ඔබ මැරෙනවා කියා හිතන සිතුවිල්ල තමයි  ඔබට යමක් නැති වෙනවා කියා හිතන සිතුවිල්ලට තියෙන හොදම බෙහෙත . ඔබ දැනටමත්  නිරුවත්. ඔබගේ හදවත පිළි නොපැදීමට කිසිම හේතුවක් තවත් ඉතිරි වී නෑ.

අවුරුද්දකට කළිං මට අග්න්‍යාශයේ පිලිකාවක් තියෙනවා කියා  වෛද්‍යවරු නිගමනය කලා. අග්න්‍යාශය කියන්නේ මොකද්ද කියලාවත් මම දැනගෙන හිටියේ නෑ. මට උදේ 7.30 එක ස්කෑන් පරීක්ෂාවක් කළා.  මගේ අග්න්‍යාශයේ ගෙඩියක් තියෙනවා පැහැදිලිව පෙනුනා. පිලිකාව  කියන එක ගැන මං දැනගෙන හිටියෙවත් නෑ.‍  වෛද්‍ය වරුන්ගේ  මතය උනේ ඒක මාරාන්තික  පිළිකාවක්  බවත් මාස 03,06 කට වඩා  කාලයක් මට ජීවත් විය  නොහැකි බවත්. මගේ වෛද්‍යවරැ කිව්වා  ගෙදර ගිහිං  මගේ සම්භන්ධ කම්  පිලිවෙලට  හදා ගන්න.  ගෙදර ගිහිං විවේක  ගන්න කියා. වෛද්‍ය භාෂාවෙන්  මැරෙන්න ලෑස්ති වෙන්න කියන්නේ එහෙමයි. ඒකේ තේරුම ඉදිරි අවුරුදු දහය ඇතුලත මං මගේ ළමයින්ට කියන්න ඕන දේ මාස තුනෙන් කියන්න ඕන කියලා. එහෙම නැත්තං හැමෝටම ගුඩ්බායි කියන්න කියලා.

මම ඒ ලෙඩේ එක්ක දවසක්ම ජීවත් උනා. පසුව නැවත හවස මා විශේෂ පරීක්ෂාවක් කලා. මගේ අග්න්‍යාශයේ සෛල කීපයක් ගෙන ඒවා අන්වීක්ෂයෙන් පරීක්ෂා කරමින් තිබුනා. මම බාගෙට මැරිලයි හිටියේ. එතන හිටපු මගේ නෝනා පස්සේ මට කිව්වා ඒ ගත්තු සෛල අන්වීක්ෂයෙන් බලලා දෙස්තරලා ඇඩුවා කියලා. මොකද මට තිබිලා කියෙන්නේ ඉතාමත්ම කලාතුරකින් හමු වන අග්න්‍යාශ පිළිකාවක්. ඒක ශල්‍යකර්මයකින් සුව කල හැකියි. මම ඒක කලා. දැං 100%ක්ම සනීපයි.
මරණය සමීපයටම මා ගිය පළමු අවස්ථාව මෙයයි. තවත් දශක කීපයකට එය එසේ නොවනු ඇතැයි මම සිතනවා. මේක උනාට පස්සේ මට ඔබට වඩාත් විශ්වාසයෙන් මෙහෙම කියන්න පුවවන්. මරණය කියන්නේ සත්‍ය වශයෙන්ම බුද්ධි විෂයක කරුණක්.

කිසිම කෙනෙක්ට මැරෙන්න ඕන නෑ. දිවියලොකේ යන්න ඉන්න අයටවත් එහෙ යන්න මැරෙන්න කැමති නෑ.අපි හැමදෙනාම බෙදා හදා ගන්න නැවතුම් පළ තමයි මරණය. කාටවත් ඉන් ගැලවීමක් ලැබී නෑ. ඒක එ‍සේම  විය  යුතුයි.   මොකද ජීවිතේ  හොදම සොයා ගැනීම  මරණය නිසා.  මරණය  තමා ජීවිතයේ වෙනස්  කරන නියෝජිතයා. පරණ දේ  ඉවර කරල අලුත්  දේකට  පාර කපන එක මින් සිද්ධ  වෙනවා. අද ඔබ අලුත්. නමුත් තව ටික  කාලෙකින්,  අද  ඉදං  බොහෝ දුර නොවේ, ඔබ පරණ වෙනවා ක්‍රමයෙන්. සහ ඉවත් වෙන්න වෙනවා.  කතාව  නාට්‍යයමය  නම්  මට   කනගාටුයි. නමුත්  ඇත්ත ඒකයි.

ඔබට ඇති කාලය සීමිතයි. වෙන කාගෙවත් ජීවිත ජීවත් වෙන්න ගිහිං ඔබ ඒ කාලය විනාශ කර ගන්න එපා. අනෙක් මිනිසුන් ගන්නා තීරණ අනුව වැඩකරන්න ගිහිං  ජීවිතයට කොටු වෙන්න එපා. ඔබගේම හදින් හැගෙන හඬ අනෙක් මිනිසුන්ගේ හඬින් යටපත් වෙන්න දෙන්න එපා. වඩාත්ම වැදගත් දේ ඔබගේ හදවත පිළි පැදීමටත්, සහජ බුද්ධිය පාවිච්චි කිරීමටත්, ධෛර්ය තියා ගන්න. ඔබට වෙන්න ඕන කවුද කියා ඔවුන් දැනටමත් දන්නවා. අනිත් හැමදේම වැදගත් කමක් නෑ.

මගේ තරුණ කාලේ අද්විතීය පොතක් තිබුණා. මගේ පරම්පරාවේ  බයිබලය උනේ ‍‍මේ “The whole Earth Catalog” කියන පොත.  මේක කරපු  Stewart Brand කියන කෙනා කවි වලින් මේ පොත සැරසුවා. මේ 1960 දශකයේදී පරිගණක එන්න ඉස්සර වෙලා. මේකේ සියලුම දේ අතින් නිමකර තිබුණා. මේක හරියට අද Google වගේ. Google නැතිව තිබුණ අවුරුදු 35 ට පෙර මේ පොත නැවුම් අදහස් පිරුණූ, දෝරගලා යන තාක්ෂණයන්ගෙන් සමන්විත උසස් කෘතියක් උනා.

මේ පොතට අදාළ පාඨමාලාව ඉවර වෙනකොට ඔහුගේ මේ පොතේ අවසාන සංස්කරණ ඉදිරිපත් කලා. ඒ 1970 ගණන්වල මැද. මං ඔබගේ වයසෙ ඉන්න කොට. පොතේ පිටුපස කවරයේ පිංතූරයක් තිබුනා. අරුණෝදය දැක්වෙන ගමේ පාරක්. ඔබ අවදියන් නම් අදින් ඇරඹෙන ඔබගේ අනාගතයත් මෙන්න මෙ වගේ තැනක්. මේ පිංතූරයට යටින් එක කියමනක් තිබුණා. ඒක තමයි බඩගින්නෙ ඉන්න, මෝඩවෙලා ඉන්න,
( Stay hungry,Stay foolish) කියා. මම හැමදාම මගේ ජීවිතේ එහෙම කලා. අද උපාධිය ලබන ඔබ අලුත් ජීවිතයක් පටන් ගන්නයි යන්නේ. ඒ නිසා මට ඔබටත් කියන්නෙ බඩගින්නෙ ඉන්න. මෝඩ වෙලා ඉන්න.
( Stay hungry,Stay foolish)

ස්තුතිය.
Back to Top