0

අතින් අල්ලන් ඉතින් අපි යන්

 


අතින් අල්ලන් ඉතින් අපි යන්

ජීවිතේ නම් තනග බිදුවක්

නුබේ සෙනෙහේ තරම් කිසිවක්

දැනිල නම් නෑ කවදාකවත්


කදුළු ඇහිදින්නැති දහස් වාරක්

හීන මල්ලම මග දිගට හැළුනත්

හමුවෙමු අපිත්

වැලපෙමු අපිත්

හිනැහෙමු යලිත් අපි

සැනසෙමු යලිත්


මඩේ පිපුනා අපේ ආලේ

හුගක් දැනුනා මට උබේ තාලේ

ඉඩදියන් දැන් හරි අපේ කාලේ

නුඔයි සියපත් මල චාම් බොලේ


අපිත් යනවා දවසක ලී කූඩුවේ

එතෙක් විදිමූ අපි මේ ජීවිතේ...

හිනැහෙමු අපිත් අද අපෙ පාඩුවේ

නුඔයි තහනම් මල මගෙ ලෝකයේ...

0

Google සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුන්දර් පිචායිගේ කැරපොතු න්‍යාය!

 #Google සමාගමේ ප්රධාන විධායක නිලධාරි සුන්දර් පිචායිගේ කැරපොතු න්යාය!

Google සමාගමේ ප්රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි විසින් කරන ලද මනරම් දේශනයක් ඇසුරිනි
අවන්හලකදී එක්වරම කැරපොත්තෙක් පියඹා විත් කාන්තාවකගේ ඇඟේ වැහුවා. ඇය බියෙන් කෑ ගසන්නට පටන් ගත්තා. බොහොම කලබලයට පත්වෙලා කෑ ගසමින් උඩ පනින්නට පටන්ගත් ඈ අත් දෙකෙන්ම ගසමින් කැරපොත්තාගෙන් මිදෙන්නට උත්සාහ කළා.
ඇගේ කලබලය නිසා ඇය සමඟ සිටි අනිත් අයත් කලබලයට පත් වුණා.
අන්තිමට ඇය කැරපොත්තා එළවාගන්නට සමත් වුණත් ඌ පියඹා ගිහින් ඒ සමඟ සිටි තවත් කාන්තාවකගේ ඇඟේ වැහුවා. දැන් ඉතින් අර කාන්තාව නවත්තපු තැන ඉඳන් අනිත් කාන්තාව කෑගහන්න, දඟලන්න පටන්ගත්තා.
ආපනශාලා සේවකයෙක් ඔවුන් ගලවාගන්න ඉක්මනින් දුව ආවා. අන්තිමේ අර කැරපොත්තා ඒ සේවකයාගේ ඇඟේ වැහුවා. ඔහු කෙලින් හිටගෙන නොසෙල්වී කමිසය මත වසා සිටි කැරපොත්තාගේ හැසිරීම හොඳින් බැලුවා.
නිසි අවස්ථාව ආ විගසම සේවකයා කැරපොත්තා අල්වාගෙන අවන්හලෙන් එළියට විසිකර දැම්මා.
හෙමිහිට කෝපි කෝප්පයක් රසවිඳිමින් මේ දෙස බලා හිටපු මගේ මනසට අපූරු කල්පනාවක් ආවා, මම පුදුමයට පත් වුණා ... මේ සියළු කලබල වලට වගකියන්න ඕනෙ අර කැරපොත්තා ද ?
එය එසේ නම් ඇයි ආපනශාලා සේවකයා ඉන් කරදරයට පත් නොවුණේ ?
ඔහු එය නිසි පරිදි පාලනය කරගත්තා කිසිම ගැටළුවකින් තොරව.
අර කාන්තාවන්ට කරදරයක් වුණේ කැරපොත්තා නෙවෙයි. ඒ කැරපොත්තා නිසා ඇතිවුණු කරදරය පාලනය කරගන්න ඔවුන්ට නොහැකි වීමයි.
මට වැටහුනා මගේ පියාගේ, ප්රධානියාගේ හෝ බිරිඳගේ කෑගැසීම මට බාධා නොකරන බව. නමුත් ඒ අයගේ කෑගැසීම නිසා ඇතිවෙන බාධාවන් පාලනය කරගන්න මට නොහැකි වීම තමා මට ඇති බාධාව.
මට බාධාවක් වන්නේ මාර්ග තදබදයන් නොවෙයි, ඒ නිසා ඇතිවන බාධාවන් පාලනය කරගන්න මට ඇති නොහැකියාවයි.
ගැටළුවට වඩා ඊට ප්රතිවිරුද්ධව මම දක්වන ප්රතිචාරය තමා මගේ ජීවිතයේ ගැටළු ඇතිකරන්නේ.
කතාවෙන් උගත් පාඩම :
මට වැටහුණා. මම ජීවිතයේදී ප්රතිවිරුද්ධව ක්රියා නොකළ යුතු බව.
මම නිතරම ප්රතිචාර දැක්විය යුතුයි.
කාන්තාව ප්රතිවිරුද්ධව ක්රියා කළා, නමුත් සේවකයා ප්රතිචාර දැක්වුවා.
ප්රතිවිරුද්ධව ක්රියා කිරීම නිතරම ඉබේ සිදුවුණත් ප්රතිචාර දැක්වීම නිතරම හොඳින් සිතා බලා සිදු කරන්නක්.
මෙය ජීවිතය තේරුම් ගැනීමට මනරම් මඟක් ...
මිනිසෙක් සතුටින් සිටින්නේ ඔහුගේ ජීවිතයේ සියල්ල නිවැරදිව සිදුවන නිසා නොවෙයි.
ඔහු සතුටින් සිටින්නේ තමන්ගේ ජීවිතයේ සියළු දේ පිළිබඳව ඔහුට නිවැරදි ආකල්ප ඇති නිසයි.
5
1 Comment
1 Share
Like
Comment
Share
1 Comment
0

හඳ අල්ලන්න ආස ගමන

 කඳුලු තිබුනාද මාවතේ

රුදුරු හන්දාම ජීවිතේ

වතුර හෙව්වාද හාමතේ 

පැදුරු නැති රෑක නිදිමතේ

අපි පාවෙන ලෝකේ, ඇවිදින චාරිකාවේ

දවසක පාවේදෝ අහසේ

හඳ අල්ලන්න ආස ගමනේ


පුරන් වූ දාක ආදරේ තුරන් වූවාද ජීවිතේ

පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුනාද හදවතේ

අපි පාවෙන ලෝකේ, ඇවිදින චාරිකාවේ

දවසක පාවේදෝ අහසේ

හඳ අල්ලන්න ආස ගමනේ


සතුට හෙව්වාට දසාතේ කඳුලු ආවාද හිතුමතේ

නොමැති වූ දාක කැමති දේ, අඳුනගත්තාද හිත අපේ

අපි ආ ගිය පාරේ කෙලවර නෑ පේන මානේ

දවසක පාවේදො අහසේ 

හඳ අල්ලන්න ආස ගමනේ


අපි පාවෙන ලෝකේ, ඇවිදින චාරිකාවේ

දවසක පාවේදෝ අහසේ

හඳ අල්ලන්න ආස ගමනේ


- Wayo


0

අහක බලා සාස්තර කියනු ලැබේ



පූජාභූමියේ උඩ මළුවේ උදේ පාන්දර පිරිත් ඇහෙන වෙලාව වෙනකොට මුදලාලි ලා කඩවල් අරින්න පටන් ගන්නවා. ඒ කඩ 'පොෂ්' කඩ නෙවෙයි. බොහොම අමාරුවෙන් එදා වේල හම්බකරගන්න, දිනපතා අරින වහන 'විඩාපත්' කඩ.. 
ඒ වෙලාව ගැන වත් නොහිතා කඩ අරින්නේ විශාල වශයෙන් එන වන්දනා නඩ වලට තමන්ගේ කඩ වල බඩු විකුණගන්න අපේක්ෂාවෙන්.. ඒ මිනිස්සු අතේ තියෙන්නේ සිලි බෑග් වල දාපු වතු සුද්ද මල්. 
මල් ගැලපෙන්නේ බුදු හාමුදුරුවෝ ළඟ පූජා වෙන්න. මල් හිනා වෙන්නේ ඒකයි. ඒත් ඒවා සිලි බෑග් වලට ගැලපෙන්නේ නෑ. මල් අඬන්නේ ඒකයි.. 
මල් ලස්සන ගහේ තියෙනකොට. ඒ ගැන දුකටයි මල් අඬන්නේ. මල් පූජා වෙන්න යන්නේ බුදු හාමුදුරුවන්ට. ඒකයි මල් හිනා වෙන්නේ....

"පාන්දර උඩමළුවේ ඇහෙනකොට පිරිත් හඩ 
මුදලාලි ලා ඇහැරවනවා විඩාපත් වුන තේ කඩ
දොර දෙකේ දිඟ බස්වල’ සුදු ඇදන් පැමිණෙන නඩ
වතු සුද්ද මල් හිනා වෙනවා සිලි බෑග්වල අඩ අඩ"

සාස්තර කියන උඹ හන්දියකට වෙලා පෙරුම් පුරනවා මොන පැත්තට ගියොත් ද කීයක් හරි වැඩිපුර හම්බකරගන්න පුළුවන් කියලා හිත හිත.. අද කාලේ සාස්තර අහන්න මිනිස්සු පෙළඹෙන්නේ හරිම අඩුවෙන්. සාස්තරයක් අහන්න අතක් දික් කරන්නෙත් ඕනිවට එපාවට. අහක බලාගෙන වගේ ඒ දික් කරන අතක් බලාගෙන කොච්චර නරක පෙනුනත් කියන්නේ හොඳ විතරයි. ඒ ලැබෙන ගාන අඩු වීම උඹට පාඩුවක් නිසා..

"උඹ හිටියේ හරියටම තුන්මන් හන්දියක් ලඟ ඉඳගෙන
මොන පාරේ යනවද “හෝ දහය විස්ස තිහ” ගැන ගැන
අහක බලාගෙන වගේ දෙන සියුමැලි අතක් අරගෙන 
හොඳම දේවල් ටිකක් කිවුවා නරක සේරම දැනගෙන"

අත් දෙකේ රේඛා දිහා බලන්නේ හරියට ඇහි පිහාටු කියන පනාවෙන් අත් දෙක පීරනවා වගේ.. ඒත් අනාගතයම කියන්න පුළුවන් උඹේ ජීවිතය ප්‍රශ්න ගොඩක් පිරුණු තැනක්. ඒ ඇයි??

"දෑතේ රේඛා පීරන 
පනාවකි ඇස් පිහාටු 
අනාගතයම තෝරන 
ජිවිතේ ඇයි කුණාටු?"

බොහොම පොහොසත් පොෂ් මිනිස්සුන්ගේ මූණු වල අව්‍යාජ හිනාවක් දකින්න බොහොම අමාරුයි. ඒ හිනාවන් හරිම කෘතිමයි. ප්ලාස්ටික් වට්ටි වල නෙළුම් හිනා වෙන්නේ බලෙන්. ඒත් වැවේ පිපුණ නෙළුම් ස්ව්භාවිකයි. ලස්සනයි. සාස්තරය කිව්වට පස්සේ ගාන කිව්වම ඒ මිනිස්සුන්ගේ ඇස් නළල ට යනවා. ඒ කියන්නේ නළල රැලි වැටෙනවා.. පුදුමයක් නෙවෙයි. පොහොසත් එකා දන්නේ දුප්පත් එකාගෙන් ප්‍රයෝජනයක් ගන්න විතරයි. බඹරු දන්නේ මලෙන් රොන් ගන්න විතරයි..

"ප්ලාස්ටික් වට්ටිවල නෙළුම් හිනා වෙන්නෙත් බලෙන් 
විසදන්න බැරි තැන් නැද්ද කර්මය කර්ම ඵලෙන්
හුඟක් ඇස් නළලවල්' වල උබ කිව්ව පොඩි මිලෙන්
පුදුමයක් නෑ බඹරු දන්නේ රොන් ගන්න විතරයි මලෙන්"

අපි කාගෙ කාගෙත් ජීවිත වල හිඩැස් තියෙනවා කවදාවත් පුරවන්න බැරි. ඉතින් සාස්තර කියන උඹේ ජීවිතේ සැප එකක් නොවී කොහොමද අපේ ජීවිත සැපවත් කරන්න, ඒ හිඩැස් පුරවන්න සාස්තර කියන්නේ.. ඉනිවැටක් වත් නැතුව කොහෙන්ද ලීස්තර වැටවල්... 
උඹ සාස්තරේ කියන අත් වල කියුටෙක්ස්, රත්තරන් මුදු, මෙහෙන්දි, සහ එක එක මෝස්තර දැකලා උඹට දුක හිතුණොත් ටිකකට අහක බලපන්. කියපන් වැරදි සාස්තරයක්...

"අපේ ජිවිත හැම තැනම’ පුරවන්න බැරි කුස්තුර
ඉනිවැටක් වත් නැතුව’ වැටවල් කොහෙද ලීස්තර
උබ රේඛා ගනින අත්වල’ තියන අරුමෝසම් මෝස්‌තර
දුක හිතෙනකොට අහක බලපන්’ කියපන් වැරදි සාස්තර"

මේ මුළු සංසාරයම මහා කුණාටුවක්. ජීවිතේ කියන්නේ ඒකේ තියෙන ඉරෙන රුවලක්. අස්ථිරයි... 
ඉසුරුමුණියේ ඉන්න පෙම් යුවල විතරයි අපි දකින්නේ, කතා කරන්නේ. ඒත් අපි නොදන්න ගොඩක් කතා එහෙත් තියෙන්න ඇති. සාස්තර කිව්ව, සාස්තර කියන මේ වගේ දුක් කන්දක් හිතේ හංගගත්ත සාස්තර යුවලක් එහෙත් ඉන්න ඇති...

"මහා කුණාටුවක් මැද 
ජිවිතේ ඉරෙන රුවලක් 
ඉසුරුමුණියෙත් ඉන්නවා 
සාස්තර කියන යුවලක්"

~ රන්දුනු යසරංග ~
0

What is Kafka?

Kafka’s growth is exploding. More than one-third of all Fortune 500 companies use Kafka. These companies include the top ten travel companies, seven of the top ten banks, eight of the top ten insurance companies, nine of the top ten telecom companies, and much more. LinkedIn, Microsoft, and Netflix process four-comma messages a day with Kafka (1,000,000,000,000).


Kafka is used for real-time streams of data, to collect big data, or to do real time analysis (or both). Kafka is used with in-memory microservices to provide durability and it can be used to feed events to CEP (complex event streaming systems) and IoT/IFTTT-style automation systems.

Why Kafka?

Kafka is often used in real-time streaming data architectures to provide real-time analytics. Since Kafka is a fast, scalable, durable, and fault-tolerant publish-subscribe messaging system, Kafka is used in use cases where JMS, RabbitMQ, and AMQP may not even be considered due to volume and responsiveness.

Kafka has higher throughput, reliability, and replication characteristics, which makes it applicable for things like tracking service calls (tracks every call) or tracking IoT sensor data where a traditional MOM might not be considered.

Kafka can work with Flume/Flafka, Spark Streaming, Storm, HBase, Flink, and Spark for real-time ingesting, analysis and processing of streaming data. Kafka is a data stream used to feed Hadoop BigData lakes. Kafka brokers support massive message streams for low-latency follow-up analysis in Hadoop or Spark. Also, Kafka Streams (a subproject) can be used for real-time analytics.

Kafka Use Cases

In short, Kafka is used for stream processing, website activity tracking, metrics collection and monitoring, log aggregation, real-time analytics, CEP, ingesting data into Spark, ingesting data into Hadoop, CQRS, replay messages, error recovery, and guaranteed distributed commit log for in-memory computing (microservices).


0

Nirvana - INDIA & NEPAL (Cinematic Travel Film)




Credits : Ben Mikha
0

සිරකරුවා



දින 07කින් එල්ලා මැරීමට නියම වුණු සිරකරුවෙක්ව ඔහුගේ අන්තිම දින 07 සඳහා වෙනත් හිරකූඩුවකට මාරු කරන ලදි.
වසර ගනනකින් හිරු එලියවත් නොදුටු ඔහුට ලැබුණු අලුත් කුටියත් කෑලි කැපිය හැකි කළුවර එකක් විය.
"හලෝ යාළුවා ඔයාට කොහොමද"
එහා සිර කුටියේ සිටි සිරකරු අලුතින් මාරු උනු සිරකරුගෙන් ඇසුවේය.
අලුතින් මාරු උන සිරකරුවාට පුදුම සතුටක් දැනුනේය.
ඒ තමන්ගෙ අවසාන දින කිහිපයේ හරි කතා කරන්නට කෙනෙක් හමුවීම ගැනය.
මෙලෙස මේ දෙදෙනා ඔවුන්ගේ විස්තර කතා කලහ.
කල වැරදි පාපොච්චාරණය කලහ.
" මට ඔබවත් කතා කරන්න හම්බුණ එක හොඳයි,
වසර 10කින් මං ඉර එලියක් දැකල නෑ,
හැමදාම හිටියේ අඳුරු කාමරවලමයි, වෙලාවක්වත් හරියට මං දන්නෑ"
මාරුවුණ සිරකරුවා එසේ පැවසීය.
"මගෙ සිර කුටියේ තියෙනව පොඩි සිදුරක්,
මට මේකෙන් පුලුවන් බලන්න පිටත ලෝකය.
දුක් වෙන්න එපා මිත්‍රයා මං ඔබට මේකෙන් බලල මං දකින දේ කියන්නම්"
පරණ සිරකරු අලුත් සිරකරුට පිළිතුරු දුන්නේය.
"සුභ උදෑසනක් මිත්‍රයා,
දැං උදේ 6ට විතර ඇති,
පුංචි ලමයි දෙන්නෙක් ස්කෝලෙ යනවා,
ඈතින් ඉර පායාගෙන එනවා හරිම ලස්සනයි,
ඈත තියෙන අඹ ගහක කුරුල්ලෙක් අඹ ගෙඩියක් කනවා"
මෙලෙස පරණ සිරකරු ඔහු දකින දේවල් අලුත් සිරකරුවාට පවසන්නට විය.
අලුත් සිරකරු ඒ සියල්ල නොදුටුවත් ඔහු කියන දේවල් අසා සිතින් මවාගන්නට විය.
ඔහුට පුදුම සැහැල්ලුවක් දැනිනි.
"දැං රෑ වෙලා,
අද පෝය දවසක් ඈත කන්දෙන් හඳ ලස්සනට පේනව,
සුදු ඇඳගත්තු මිනිස්සු ඈතින් පන්සල් යනව පේනව"
ඒ එදින රාත්‍රියයි.
"අද නම් වැහි දවසක්,
මුලු අහසම අඳුරු කරල,
ආ ආ ඈතින් කෙල්ලෙකුයි කොල්ලෙකුයි කුඩයක් අස්සෙන් යනව තුරුල් වෙලා,
කෙල්ල රතුයි කහයි බෝල ගවුමක් ඇඳල"
ඒ දෙවැනි දිනයයි.
"මටත් මතක් වෙනවා ඉස්සර මං මගෙ ගෑණු ලමයත් එක්ක පාරවල් වල ඇවිදපු හැටි"
අලුත් සිරකරු පිළිතුරු දුන්නේය.
"අද නම් ස්කෝලෙ පොඩි ළමයි පෙරහැරක් යනව,
චූටි චූටි ළමයි මල් අරං කොඩි අරං පෝලිමට යනව හරිම ලස්සනයි මිත්‍රයා"
ඒ තෙවැනි දිනයි.
මෙලෙස පරණ සිරකරු තමන්
දකින සෑමදෙයක්ම අලුත් සිරකරුට පැවසුවේය.
අලුත් සිරකරු සියල්ල සිතින් වින්දේ පරණ සිරකරුට ස්තුති කරමිනි.
ඒ වසර ගණනාවක් නොදුටු ලෝකය ගැන අසා හෝ සතුටුවන්නට ඔහුට අවස්තාව ලැබුනු බැවිනි.
මේ ආකාරයෙන් හයවැනි දිනය උදාවිය.
අලුත් සිරකරු සිය මිතුරා ඇමතීය.
"යාලුවා ඔබට අද මොනවද පේන්නේ"
නමුත් පැරණි සිරකරුගෙන් පිලිතුරක් ලැබුනේ නැත.
ඒ නිසා ඔහු කෑම ගෙනත් දීමට පැමිණි ජේලර්වරයාට මෙසේ කීවේය.
"අසනීපයක්වත්ද එහා පැත්තේ සිරකරුවාට ඔහු කතාවත් කරන්නෑනේ"
"එයාව අද උදේ එල්ලල
මැරුවා"
ජේලර්වරයාගේ පිළිතුරෙන් සිරකරුවා අන්දමන්ද විය.
මන්ද පරණ සිරකරු එල්ලාමැරීමට නියම වූවෙක් බව ඔහු කිසිදා නොසිතීය.
"අනේ එහෙනම් මාව ඒ කුටියට දාන්න පුලුවන්ද"
ඔහු ජේලර්වරයාගෙන් ඉල්ලා සිටියේය.
"ඒ මොකටද"
" ඒ කුටියේ පොඩි සිදුරක් තියෙනවලු මට අද දවස විතරක්වත් ඉර එලියක් දැකගන්න ආසයි"
එසේ පවසා සිරකරු විසින් පහුගිය දවස් කිහිපයේ අනිත් සිරකරු පැවසූ දෑ ජේලර්වරයාට පැවසුවේය.
මෙය අසා සිටි ජේලර්වරයාගේ ඇස් වලින් කඳුලු කඩා වැටිනි.
" ඒ කුටියේ එහෙම සිදුරක් නෑ,
මේ සිරගෙදර තියෙන අපිරිසිදුම කුටිය ඒක,
ඒ වගේම ඒ හිටපු සිරකරුවගෙ ඇස් 02ම පේන්නෑ,
ඔහු කරල තියෙන්නේ අවුරුදු ගනනකින් ඔබ වටපිටාව දැකල නෑ කීව නිසා ඔබේ හිත හදන එක,"
මොහොතක් සිතන්න.
අපිට ජීවිත කාලය තුලදී තමන්ගේම අයගේ සතුට වෙනුවෙන් යමක් කිරීමට කොපමණ අවස්තා ලැබී තිබෙනවාද?
නමුත් අපි ඒ අතරින් උත්සහ කර ඇත්තේ කීවතාවක්ද?
එසේනම් අන් අය,පිට මිනිසුන් ගැන කවර කතාද?
කෙනෙකුගේ සිතක් හැදීමට ඔහුගේ දැනහැදුනුම්කම් වලින් වැඩක් නැත.
වැදගත් වන්නේ අපිට පුලුවන්කම තිබියදීත් එය කලාද නැද්ද යන්නයි.
එය කිසිවක් බලාපොරොත්තුවෙන් නොව තම ආත්ම තෘප්තිය වෙනුවෙනි.
තවකෙකුට උදව්කිරීම යනු මුදල්ම නොවේ.
ඔබෙන් ලැබෙන එක සිනහවක්,එක වචනයක් තවකෙකුට ඒ මොහොතේ වටිනාම දෙය විය හැකිය.
-උපුටා ගැනීමකි-
0

පොඩ්ඩියේ..........



අපිට පුළුවන් කාව හරි තුවාල කරන්න පිහියකින්, පිස්තෝලයකින් එහෙමත් නැත්නම් අල්පෙනෙත්තකින්. ඒත් හදවත තුවාල කරනවානම් කරන්න පුළුවන් වචන වලින් තමයි. වචන වලින් පුළුවන් හදවත කුඩු වෙන්න වෙඩි තියන්න. වචන වලින් පුළුවන් හදවතේ ගැඹුරුම තැන හූරන්න. "පොඩ්ඩියේ" අන්න එහෙම වචන හරඹයක්, ඒ වචන වලට ජීවය දෙන කටහඬ අන්න එහෙම වෙඩි බෙහෙත් තැවරිච්ච උණ්ඩ ප්‍රවාහයක්. මේ අවුරුද්දේ මැයි මාසෙදි "පෙම්බරියගෙන් වෙන්වුණු ලූලෙක් හැරුණා ඇළකට" . අන්න ඒ turn එකේදී දිය රැළක වැදිච්ච් හැඟීම් අහුරක් තමයි "අපේ අම්මා හැර සේරම බුදු වේවා...!" . ටිමා - ටිම්රාන් කීර්ති ඔයා දන්නවද දන්නේ නෑ ඔයා වීරයෙක් කියලා. එහෙමටය කියලා කව්රුත්ම කතා නොකරන අපි මේ ජීවත් වෙන පොළොවෙම නිහඬවම විඳවන, අපහාස උපාහස ලබන කොටසකගේ වීරයා ඔයා..., සාදර බණ්ඩාර දැන් ඔයත්! ලංකාව ඇතුළේ විරෝධාකල්ප ගී කියන ඒවා හරි අඩුයි. මොකද විරෝධාකල්ප ධාරාවේ ගීත හදන්න පද පෙළකුයි, සංගීතයයි, ඉතිරි අඩුම කුඩුම ටිකයි තිබ්බට බෑ. හරිම නහරේ අල්ලලා අදින්න කොන්දක් නම් තියෙන්නම ඕනේ. මිනිස්සු ශ්‍යාමි කුමාර් ට බැන්නේ ඒ ගෑනි තමන් "ගණිකාවක් " කියලා කියපු නිසා නෙමේ, එහෙම කෙළින් කතා කරන්න ඒ ගෑනිට කොන්දක් තිබ්බ එක ගැන කුහකකමට. නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව! පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම බක් මහෙ කොවුල් බිජු පුපුරණ දාක නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම අමුවෙන්ම ගත්තොත් මේ පපුවටම ඉලක්ක කරලා වෙඩි තියන ගීතයේ නිමිත්ත වෙන්නේ ගණිකාවක් වුනු තමන්ගේ අම්මාට සිංහල අවුරුදු දවසේ වඳින්න බෑ කියන නංගිට, අයියගේ තරවටුව. "පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම". ඇඟ විකුනන්නෙත් දරුවෝ රකින්න නම් ඒ අම්මත්, අම්මෙක්ම මිස වෙන කව්රුත් නෙමෙයි. "බක් මහෙ කොවුල් බිජු පුපුරණ දාක" මේක ප්‍රබල යටිපෙලක් තියෙන යෙදුමක්. වචන අස්සේ කොච්චරක් නම් රහස් හංගන්න පුළුවන්ද? කොවුල බිත්තර දාන්නේ කපුටු කූඩු වල ... එහෙන් මෙහෙන් අහුලන් කාලා,ජරා සතා කියලා අපහාස උපහාස විඳගෙනත් අම්මෙක්ගේ උණුසුම දීල අර බිත්තර ඔක්කොම රකින්නේ ඔය සමාජයෙන් ගැරහුම් ලබන කපුටා. බිත්තර බක් මාසෙදි පුපුරල කොවුල් පැටවු එළියට ඇවිත් ටික කලක් යනකොට තමයි උන් උන්ට වෙනස දැනෙන්න ගන්නේ. එතෙක් අර කපුටු අම්මගෙන්ම යැපිලා උන්ටම අරියාදු කරන මේ නංගිත් බොහෝවිට අන්න එහෙම එකම තාත්තගේ නොවෙන අනුන්ගේ කොවුල් පැටියෙක්. ඊළඟ පදය විප්ලවයක්! "නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම" කවියකට ගැළපෙන සෞම්‍ය පද දිගට ගලන් ඇවිත් මේ හතරවෙනි පදේදී අයියගේ ආවේගේ වත්තේ භාෂාවෙන්ම දඩස් ගාල අත්හරින එකයි අන්න ඒ විප්ලවේ! ජය වේවා සම්මත කවි හෝ ගී පද රචනා භාෂාව කුඩු කරපු මේ විප්ලවේට! ---------------------------------------------- තනෙ කඩා විසිකර පත්තිනි වී නම් අනේ හාමතෙ අපි මැරිලා එහෙනම් වණේ පාරන්නෙ වන පල විස වී නම් නඟෙ දැං යමං පඬි පුර ගිනි තියපන් ඔය පත්තිනි කතාවේ, පත්තිනි එහෙමත් නැත්නම් කන්නගී තමන්ගේ ස්වාමියා කෝවලන්ව නිරපරාදේ මරා දාන මදුරාවේ රජාට සාප කරලා වම් තනේ කඩලා පොලවේ ගැහුවහම ඒ සාපයෙන් මදුරාපුරයම ගිනිගෙන අලුවෙලා යනවා. හැබැයි මිනිස්සු කොච්චර ගාණක් මැරුණත් තමන්ගේ පතිවත රැකීමේ අනුහසින් කන්නගී දේවත්වයට පත් වෙනවා පත්තිනි විදිහට. අම්මට ගරහන නංගිට අයිය කියනව; අපේ අම්මටත් තිබ්බ තනේ කඩල බිම ගහල පත්තිනි වගෙ හැම දේම අත හැරල , සමාජෙට සාප කර කර , පතිවත රැකන් දේවත්වයට යන්න.. ඒත් එහෙම වුණා නම් උඹයි, මායි මැරෙන්නේ හාමතේ. හැබැයි ඒ දේව කතා ෆැන්ටසියෙන් මිදිලා අම්මා පොළොවේ පය ගැහුවේ උඹෙයි, මගෙයි බඩ පුරවන්න. එහෙම බලද්දි , වේසියක් උනු අපේ අම්ම පත්තිනිට වඩා කොච්චර උතුම්ද කියලා. වෙස්සන්තර බවුන් වඩලා ලෝකේ දුක නිවන්න මාර්ගේ හොයද්දි , වනේ ගිහින් අමාරුවෙන් පලවැල නෙලන් දරුවොන්ගේ දුක නිව්වේ "අම්මා", මන්ද්‍රි දේවි. මේත් අන්න එහෙම අම්මෙක්! අයිය අහනව උඹ ඔය තුවාල පාරන්නේ එහෙම නැත්නම් අම්මගේ චරිතෙ ගැන හාරන්නේ ඇයි උඹට අම්ම ඇඟ විකුණලා අමරුවෙන් හොයන් ඇවිත් කන්න දුන්නු දේ විස වෙලද? "නඟෙ දැං යමං පඬි පුර ගිනි තියපන්!" එහෙනම් වරෙන් යන්න.... අම්මට නෙමෙයි , අම්මව මේ තත්වෙට පත් කරපු සමාජෙට ගිනි තියන්න කියලා.

Review By : Yesha Sri
https://www.youtube.com/channel/UCZ_36g679bbM-qVQA_FFQUQ
0

හීන මවනවද හිර වී හිමි නැති පපුවක

මේ ඉරයි හදයි තනි අහසක 
පායන දවසක 
එක මොහොතක් මගේ වේලා
උයනක වෙරළක 
හිනමවනවද හිරවී 
හිමි නැති පපුවක

රුදු කටු වදන් කටු ඇණි 
හිරුනු සමනල තටු වල 
මුදු බැලුම් පවන් රැලි 
අතුරා නිවාලන්න දුක
සුර ගගක් ගලා ගිය නිම්නෙක 
නොතෙමා යටි හිත 
පිනි බිදක් වේලා තිබුනත් ඇති
ආදර පවසට

අකුරු වලට පෙරලේන්නැති
දරදඩු සුසුමට 
මිතුරු ඇස් වලින් සගවන 
උණුසුම් කදුලට
ඔහේ ගලායන්න ඉඩදී 
හිත ඉල්ලන තාලෙට 
ආදරේ හොයමු අපි ඉස්සර 
හංගපු තැන වල
0

පෙරවදනක් වී



පෙරවදනක් වී මගේ කතාවට 
පටුන ලියන්නට හීන එවා..
පිටුවෙන් පිටුවට ගෙතු කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා..

අරුත බිඳී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා..
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිඳියම පතා..

පැතූ කතාවේ නිමක් දකින්නට 
උපන් භවේ පින මදි හින්දා..
බලා හිඳිමි මතු භවයක හෝ
පසුවදන ලියන්නට එතැයි කියා..

පෙරවදනක් වී මගේ කතාවට 
පටුන ලියන්නට හීන එවා..
පිටුවෙන් පිටුවට ගෙතු කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා..
0

හන්තාන දෙසින් එන



හන්තාන දෙසින් එන
මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින්
හඳුනනවා නම්..
මේ පහන ඔබේ
සුරතින් දැල්වූ
මං බොහොම
ප්‍රවේසම් කර ගන්නම්…
සංසාර පුරුද්දට දෝ මන්දා
ගංගාව ශෝකයෙන් වැළපෙනවා
මං තාම මහාවැලි ගං ඉවුරේ
වැළි පාර දිගේ හවසට යනවා…
තනිවී අද මා මේ වැව රවුමේ
දළඳා පෙරහැර සිරි නරඹනවා
මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට සිතිලා…
0

ගිමන් හරින දියඹ දිගේ



ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා..

හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා හිඳපු
ආදරයද මේ.....
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.....

නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රජයන
තොල් පෙති කල් පලදාලන
ආදරයද මේ.....
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ.....
0

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී


ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ...
ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
මටද ආදරේ කියා තිබේ...
සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ...
ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
මටද ආදරේ කියා තිබේ...
සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ...
ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
මටද ආදරේ කියා තිබේ...
0

ඇය යන්න ගියා මැකිලා





ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා...

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එළියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා...

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර
යන්න ගියා මැකිලා
0

Only In China :P

0

මොහොතක් සිතන්න.....

ඉස්සුවේ කජු වත්තෙන් ලයික් එකක් දාල යන්න අමතක කරන්න එපා
www.facebook.com/Kaju.Waththa.Eksath



සීතල ජනවාරි මාසයක උදෑසනක වොෂින්ටන්හි කාර්යබහුල දුම්රිය ස්ථානයකට පැමිනි මිනිසෙකු එහි පසෙකට වී තම වයලීනය පිටතට ගෙන එය වාදනය කිරීමට පටන් ගත්තේය. ඔහු විණාඩි 45ක් පුරාවට තම වාදනය නොනවත්වා කලේය . එම විණාඩි 45ක කාලය තුල ආසන්න වශයෙන් 1100කට වැඩි මිනිසුන් ප්‍රමානයක් ඔහුව පසු කරගෙන ගියෝය,ඔවුන් බොහෝ දෙනෙක් තම සේවා ස්ථානය බලා ගමන් කරන කාර් ය බහුල මිනිසුන් වූහ .
වාදකයා තම වාදනය ආරම්භ කර මිනිත්තු 3ක් පමන ගත වන විට මැදි වියේ මිනිසෙකු ඔහු අසල නතර වූ අතර තත්පර කිහිපයක් වාදකයාගේ වයලීන වාදනය අසා සිටි ඔහු යලිත් තම දුම්රිය බලා ලහි ලහියේ පිටත් විය .
වාදකයා වාදනය ආරම්භ කර මිනිත්තු පහකින් පමන ඔහුට ප්‍රථම ආධාරය ලැබුනි. තරුණ කාන්තාවක් එය ලබා දුන් අතර ඇය නොනැවතී ඔහු වෙත ආධාර මුදල විසි කර තම සේවා ස්ථානය බලා යාමට දුම්රිය ස්ථානයෙන් පිට විය .
තව මොහොතකින් වාදකයා අසල වූ බිත්තියට අයෙක් හේත්තු වූයේ වාදනය ශ්‍රවනය කිරීමට වූවත් මොහොතකින් තම ඔරලෝසුව දෙස බැලූ ඔහු කඩි මුඩියේ දුම්රිය ස්ථානයෙන් පිට විය.
වාදකයාගේ වාදනයට වැඩිම අවධානයක් යොමු කලේ තුන් හැවිරිදි පිරිමි දරුවෙකි . මව ඔහුට තරවටු කල නමුත් වාදකයා අසල නැවතී ඔහුගේ වාදනය අසා සිටීමට කුඩා පිරිමි දරුවා අමතක කලේ නැත . අවසානයේ මව දරුවාගේ අතින් අල්ලා ඔහුව ඇද්ද අතර ඔහු වාදකයාව නොපෙනී යන තුරුම හිස හරවා වාදකයා දෙස බැලීමට අමතක කලේ නැත . කුඩා දරු දැරියන් බොහෝ දෙනෙකුගේම හැසිරීම මේ ආකාරයම ගත් නමුත් ඔවුන්ගේ මවුවරුන් සහ පියවරුන් ඔවුන්ට නොනැවතී ගමන් කිරීමට බල කලහ .
වාදකයා වයලීනය වාදනය කල මිනිත්තු 45ක කාලය තුලදී පුද්ගලයන් හය දෙනෙකු ඔහු අසල මොහොතක් නැවතී වාදනයට සවන් දුන් අතර පුද්ගලයන් විසි දෙනෙකු පමන ඔහුට මුදල් ආධාර ලබා දුන්හ . වාදකයා ඉපැයූ මුලු මුදල ඩොලර් 32ක් විය . අවසානයේ වාදකයා වාදනය නතර කලේය,ඔහු වටා නිශ්ශබ්දතාවයක් පැතුරුනි,කිසිවෙකුට එහි වගක් නොවීය, කිසිවෙකු අත්පොලසන් දුන්නේ නැත .
කිසිවෙකු නොදැන සිටි මුත් ඒ වාදකයා අන් කිසිවෙකු නොව වර්තමානයේ ලොව සිටින දක්‍ෂතම වයලීන වාදකයෙකු වන ජොෂුවා බෙල්‍ ය(joshua bell) . ඔහු වාදනය කලේ මෙතෙක් ලොව නිර්මාණය කර ඇති සංකීර්ණතම සංගීත ඛණ්ඩයකි. ඔහු ඒ සදහා භාවිතා කලේ ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක් වටිනා වයලීනයකි .
දුම්රිය ස්ථානයේ වාදනය කිරීමට දින දෙකකට පෙර ඔහු එම සංගීත ඛණ්ඩයම බොස්ටන්හි රංග ශාලාවක වාදනය කල අතර එහිදී එක් ආසනයක මිල ඇමරිකානු ඩොලර් 100කට ආසන්න විය. .
ඇත්ත වශයෙන්ම ඔහුගේ මෙම දුම්රිය ස්ථානය තුල වාදනය සංවිධානය කලේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත විසින් වන අතර එය ඔවුන් විසින් සිදුකල සමාජ චර්යා පරීක්‍ෂණයක එක් අංගයක් විය.පරීක්‍ෂණය අවසානයේ දැක්වූ එක් නිගමනයක් වන්නේ
"ලොව සිටින දක්‍ෂතම වාදකයෙකු එතෙක් මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම සංගීත ඛණ්ඩයක් වාදනය කරන විට ඔහු අසල නැවතී එය ශ්‍රවනය කිරීමට මොහොතක් ගත කිරීමට නොහැකි නම් ජීවිතයේ වෙනත් සුලු සුලු දෑ කොපමන අපෙන් මග හැරෙනවා ඇද්ද?"


0

ලංකාවෙ ලොකුම සල්ලිකාරයා, කවුද මේ දොන් ධම්මික පෙරේරා?


සාම්ප්‍රදායිකව ධනය රැස් කිරීමෙන් පමණක් නොනැවතී ධනය උපක්‍රමශීලීව ආයෝජනය කරමින් ඉහළටම ගිය ශ්‍රී ලාංකේය ධනවතුන් කිහිපදෙනකුගේ තොරතුරු ලෝක ප්‍රකට ෆෝර්බ්ස් සඟරාව හෙළි කළා. නම් කළ ධනවතුන් අතර මුලින්ම ඉන්නේ මෑත කාලීනව ව්‍යාපාර ලෝකයේ වඩාත් කතාබහට ලක්වුණ චරිතයක් වුණ ධම්මික පෙරේරා මහත්මයා.
ෆෝර්බ්ස් සඟරාව කළ හෙළිදරව්වත් සමඟ සමාජයේ සාමාන්‍ය ජනතාව අතර යන කසු කුසු අතර ඉහළින්ම තියෙන්නේ නිල වශයෙන් ප්‍රකාශයට පත්වුණ ධම්මික පෙරේරා කියන ධනවතාගේ වත ගොත ගැන. කවුද මේ කුරුප්පුආරච්චිගේ ‍දොන් ධම්මික පෙරේරා? ඔහු කොහොමද ධනවතෙක් වුණේ?
සරසවි අධ්‍යාපනය කෙනෙක්ගේ ජීවිතයේ ඉතා වැදගත් දෙයක් කියලා කවුරුත් පිළිගන්න දෙයක්. සරසවියෙන් උපාධි නොලබා අති දක්‍ෂ ව්‍යාපාරිකයන් වුණ මැලිබන් මුදලාලි, සිද්ධාලේප වෙද මහත්මයා, නවලෝක මුදලාලි වගේ ජනප්‍රිය ව්‍යාපාරික චරිත ගැන රසවත් කතා වගේම සරසවි අධ්‍යාපනය ඕනෑවටත් වඩා නිසි ලෙස සම්පූර්ණ කළ ඉන්දියාවේ රටාන් ටාටා, ඇමෙරිකාවේ වොරන් බෆට් වගේ ව්‍යාපාරිකයනුත් ඉන්නවා. මේ අතර තවත් කොටසක් සරසවියට ඇතුළත් වෙලා සරසවි අධ්‍යාපනය අතරමඟ නවත්වනවා. ධම්මික පෙරේරා අයිති වෙන්නේ අන්න ඒ රැඩිකල් කුලකයට. ලොව අංක එකේ සමාගම කියලා කවුරුත් කියන ඇපල් සමාගමේ සදාතනික ව්‍යාපාරික දාර්ශනිකයා වන ස්ටීව් ජොබ්ස්, මෘදුකාංග ලෝකයේ සුල්තාන් කියන විරුදාවලිය ලැබූ බිල් ගේට්ස් වගේම මෑත කාලීනව වඩාත් කතාබහට ලක්වුණ ෆේස් බුක් ව්‍යාපාරයේ හිමිකරු වන මාර්ක් සකර්බර්ග් ඇතුළත් වෙන්නෙත් ධම්මික ගේ කුලකයට තමයි. මන්දයත් ඔවුන් සියලු දෙනා සරසවියට ඇතුළත්ව කාලයක් ගියාම සරසවි අධ්‍යාපනය අතරමඟ නවත්වන්නේ ගමට ගිහින් බොක්ක රත් කරන්න නෙවෙයි. සරසවියේ එක් උපාධියක් අමතක කරන ඔවුන් තවත් දක්‍ෂ උපාධිධාරීන් දහස් ගාණකට රැකියා දෙන්න පුළුවන් දැවැන්ත ව්‍යාපාර අනාගතයේදී බිහිකරන්න තීරණය කරනවා. ධම්මික පෙරේරා ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලයක් වන මොරටුව සරසවියට ඇතුළත් වෙලා කාලයක් අධ්‍යාපනය ලැබුවත් ඔහු සරසවියට සමුදෙන්න තීරණයක් ගන්නේ වඩා හොඳ අනාගතයකට පියමනින්න අවශ්‍ය සිහිනයක් හදවතේ තිබුණ නිසා. 1987දී ඔහු සරසවියෙන් සමුගෙන තායිවානයට යන්නේ තාක්‍ෂණික පුහුණුවක් ලබාගන්න. තායිවානයේ තාක්‍ෂණික පුහුණුව ලැබූ ධම්මික තුන් මාසෙකට පස්සේ ලංකාවට එන්නේ ජැක්පොට් යන්ත්‍ර නිෂ්පාදනය කරලා අලෙවි කරන ව්‍යාපාරයක් පටන් ගන්න. එම ව්‍යාපාරය ක්‍රමයෙන් සාර්ථක වෙද්දී එනම් 1991 පමණ කාලයේදී රජය විසින් ජැක්පොට් අලෙවිය තහනම් කරනවා. ඒ අනුව උපක්‍රමශීලීව පසු බහින්නේ නැතිව උපක්‍රමශීලීව වෙනස් වෙන ධම්මික වාහන වෙළෙ¼දාමටත්, සූදු ව්‍යාපාරයටත් සම්බන්ධ වෙනවා. ඒ අනුව 1993දී ඔහු ඔහුගේ ප්‍රථම කැසිනෝ ව්‍යාපාරය පටන් ගන්නවා. මේ වන විට නම් ඔහු ජැක්පොට් යන්ත්‍ර නිෂ්පාදන ව්‍යාපාරය නොකරන අතර කැසිනෝ ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ඔහුගේ සමස්ත ව්‍යාපාරවලින් ලැබෙන ලාභයෙන් 3%ත් 4%ත් ප්‍රමාණයක් බව ඔහු පවසනවා.
ධම්මික පෙරේරා මහතා උපතින් දුප්පතෙක් නොවෙනවා මෙන්ම රටේ සුප්‍රසිද්ධම මහා ධනවතෙක්ගේ දරුවෙක්ද නොවෙයි. නමුත් ධම්මිකගේ මුත්තා පයාගල ප්‍රදේශයේ යමක් කමක් තිබුණ ඉඩම් හිමි ප්‍රාදේශීය ධනවතෙක් වුණා. ධම්මිකගේ පියා සිල්ලර වෙළෙන්දෙක් වන අතර ඔහුගෙ මව ගුරුවරියක්. ඒ වගේම ඔහුට සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියක් ඉන්නවා. ධම්මික පසු කාලයකදී මතක් කරන විදියට ඔහුගේ අම්මා ඔහුට මූල්‍ය කළමනාකරණය ගැන පාඩම් කියලා දුන්න ප්‍රථම තැනැත්තිය වෙනවා. අම්මා විය හියදම් කරන්න පුංචි කාලෙදී ධම්මිකට දුන්න රුපියල් 300 හරි විදියට ආයෝජනය කිරීමෙන් ව්‍යාපාර ක්‍ෂේත්‍රයට අවිඥානිකව අත්පොත් තැබූ ධම්මික මේ වන විට ව්‍යාපාර ලෝකය නම් තරගකාරී සමනලයාගේ තටු සැලීම පිළිබඳ සවිඥානක සිටින බව ඔහු ගන්න දිගුකාලීන ලාභදායී තීරණ දිහා බැලුවාම හිතෙනවා. එම නිසාම ඔහු මේ වන විට ශ්‍රී ලංකාව කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගම් 23ක හිමිකාරිත්වය දරනවා. එසේම ඔහු තායිලන්තය, ඉන්දුනීසියාව, ජපානය, එංගලන්තය වැනි විදේශ රටවලද ආයෝජන රැසක් කරලා තියෙනවා. ෆොර්චූන් 500 ලැයිස්තුවේ අංක එකටම ඉන්න වෝල්මාර්ට් සමාගමේ කැනඩා ශාඛාවට භාණ්ඩ සපයන ඔහු ලිවයිස් සමාගම වෙනුවෙන් ලිවයිස් ඩෙනිම් ඇඳුම් ද නිෂ්පාදනය කරනවා. ඔහුගේ රෝයල් සෙරමික් සමාගම 2010 වසරේ දී ෆෝර්බ්ස් ඒෂියා සඟරාව ලැයිස්තු ගත කළ ආසියා ශාන්තකර කලාපයේ බිලියන 1ක වාර්ෂික ආදායමක් උපයන හොඳම සමාගම් 200 අතරට ඇතුළත් වුණා.
ධම්මිකගේ ව්‍යාපාර සාර්ථකත්වය කෙටි කාලීන සැලසුමක වාසනාවන්ත ජයග්‍රහණයක් නෙවෙයි. ඇත්තෙන්ම එය දිගු කාලීන කැපවීමක සහ ඉවසීමක සාර්ථක සන්ධිස්ථානයක් කිව්වොත් වැරැදි නැහැ. 1999 වසරේදී ධම්මික පෙරේරා ඔහුගේ 32 වැනි විය සම්පූර්ණ කිරීමෙන් පමණක් නොනැවතී විසි වසරක දැවැන්ත ව්‍යාපාර සැලැස්මක් සකසනවා. එනම් 2019 වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර අංශ 12ක ප්‍රමුඛයා වීම තමයි එම දිගුකාලීන සැලැස්මේ අවසාන ඉලක්කය. එම සැලැස්ම සම්පූර්ණ වීමට තවත් වසර 4 ක කාලයක් ඉතිරිවෙලා තිබෙනවා. මේ මොහොත වන විට ඔහු ඉලක්ක කළ ව්‍යාපාර අංශ 12න් 9 කම සිය අණසක පතුරා අවසානයි. තව ඉතිරිව ඇත්තේ රක්‍ෂණය, සෞඛ්‍ය අංශය සහ දුරකතන සන්නිවේදන වෙළෙඳපොළ පමණයි. මෙම විසි වසරක ව්‍යාපාර සැලැස්ම සැකැසීමට ඔහුට උපකාර වෙන්නේ ඒ දවස්වල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත නදීම් උල් හක් මහතා. ව්‍යාපාර ලෝකය තුළ සවිඥානිකව සහ අවශ්‍ය අවස්ථාවන්හි අවේගශීලීව හැසිරිය යුතු ආකාරය ගැන උපදෙස් ලබාදෙන නදීම් උල් හක් ඔහුගේ විසි වසරක ව්‍යාපාර සිහිනය සකස් කරන්න අවශ්‍ය මූලික අඩිතාලම දාන්න විශාල සහයෝගයක් දෙනවා. නදීම් උල් හක්ගේ සහයෝගයෙන් ජර්මනියේ පැවැති සුවිශේෂී පුහුණු වැඩසටහනකට යන්න අවස්ථාව ධම්මිකට උදාවෙනවා. එම පුහුණුවෙන් පසුව ධම්මික ලංකාවට එන්නේ අවදානම් කළමනාකරණය සහ මුදල් ප්‍රවාහ කළමනාකරණය ගැන නව්‍ය දැක්මක් ජීවිතයට එකතු කරගෙන.
ඔහුගේ ප්‍රථම සමාගම් අත්පත් කරගැනීම කියලා හඳුන්වන පෑන් ඒෂියා බැංකුව 2000 වසරේදී අත්පත්කර ගැනීමේදී පෑන් ඒෂියා බැංකුව සමඟ තවත් වටිනා චරිතයක් ධම්මිකට හමුවෙනවා. ඒ නිමල් පෙරේරා මහත්මයා. නිමල් පෙරේරා ධම්මික පෙරේරා යන නම් එකට කියවෙන ආකාරයටම ඔවුන් සමීපයි. අද වන විට ධම්මිකගේ දකුණු අත වගේ වැඩකරන්නේ නිමල් පෙරේරා. ව්‍යාපාර ලෝකය තුළ වාසනාව දැඩිව විශ්වාස කරන නිමල්, ඔහුගේ ප්‍රධානියා වන ධම්මික සමඟ එකතු වෙලා වඩා ලාභදායී සමාගම් අත්පත් ගැනීම් රැසක් කළා. ඩෙල්මේජ්, සම්පත් බැංකුව, හේලීස් සහ ලංකා ටයිල් වැනි සමාගම් අත්පත් කර ගැනීම් ඒ අතර විශේෂයි. බොහෝ අවස්ථාවල අවදානම මුසු වුණ ඍජු තීරණ තුළින් සාර්ථකත්වය ස්පර්ශ කිරීම ධම්මිකගේ සාර්ථකත්වයේ රහස කියලා හඳුන්වන්න පුළුවන්. ධම්මික පෙරේරා ඔහුගේ ප්‍රථම හෝල්ඩින් සමාගම වන වැලිබල් සමාගම වැලිබල් 2, වැලිබල් 3, වැලිබල් 4 සහ වැලිබල් 5 ලෙස ව්‍යාප්ත කිරීමට සූදානම්. මෙයින් තුනක් ඔහුගේ දියණියන් තිදෙනා වෙනුවෙන්ද අනෙක් සමාගම් 2 සමාජ සත්කාරක සේවා වෙනුවෙන්ද වෙන් කිරීම ඔහුගේ සැලැසුමයි. බෞද්ධයෙක් වන ධම්මික පෙරේරා මහතා 1999 සිට භාවනා කරනවා. ඔහු මත්පැන් පානය කිරීමට සහ සිනමාපට නැරඹීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔහු මෝටර් රථ සඳහා ප්‍රිය කරන අතර ඒ සියල්ලම මර්සිඩීස් බෙන්ස් වීමත් විශේෂත්වයක්. ඔහු සතුව බෙන්ස් රථ හයක් තියෙනවා. ජීවිත කාලය පුරාම රොලෙක්ෂ් ඔරලෝසු පමණක් පලඳින මෙම ධනවතාගේ අපූරු විනෝදාංශය වෙන්නෙත් ලොව පුරා විසිරී පවතින දැවැන්ත සමාගම් පිළිබඳ අධ්‍යයනය කිරීම. සතුටු වෙන්න නම් පුංචි ආතතියක් තියෙන්න ඕනි. එහෙම වුණාම මම ආවේගශීලී වෙනවා. එතකොට මට වැඩ කරමින් ආතතිය විඳින්න පුළුවන්. ඔහුගේ ජීවන රටාව ගැන එහෙම කියනවා.
ෆෝර්බ්ස් වාර්තාවට අනුව ධම්මිකගේ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 550ක් වෙනවා. නමුත් එම ප්‍රමාණයට වඩා වැඩි ධනයක් ඔහුට තියෙනවා කියලා ඔවුන් තවදුරටත් කියනවා. විසි වසරක ව්‍යාපාර සිහිනයක් හඹා යන ධම්මිකගේ ඊළඟ උපක්‍රමශීලී ව්‍යාපාර තීරණය කුමක් විය හැකිද කියන කාරණයත් අපි නොදන්නවා වුණාට ඔහුගේ එම දිගුකාලීන දැක්ම තුළ අනිවාර්යයෙන්ම ඇති. එය කුමක්ද කියලා ළගදීම දැනගන්න ලැබෙයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට තවමත් හිඟ දක්‍ෂ ව්‍යවසායකයන්ගේ අඩුව පිරවීමට ධම්මික පෙරේරා පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තවත් ධනවත් ව්‍යවසායකයන් රැසක් බිහිවිය යුතුයි. එවිට රට තවත් වේගවත්ව ඉදිරියට යනු ඇත.
Back to Top